නේපාලයේ මීලග අගමැති කවුද?

ජෙන් සී විරෝධතාකරුවන් හමුවේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ශර්මා පසුගිය දා ධූරයෙන් ඉවත් විය. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයද ඉල්ලා අස්විය. ජෙන් සී කරුවන්ගේ විරෝධය කෙටි කාලයක් තුළ ප්‍රචන්ඩත්වයට පත් වූ අතර, නේපාල පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුළු රජයේ ගොඩනැගිලි මෙන්ම, කත්මණ්ඩු නුවර පිහිටා තිබූ සුපිරි තරු හෝටලයක් වන හිල්ටන් හෝටලය ඇතුළු පුද්ගලික ව්‍යාපාරික ස්ථානය පවා විරෝධතා කරුවන්ගේ ඉලක්ක විය.

නේපාලයේ පසුගිය සතියේ ඇති වූ අර්බුධකාරී නොසන්සුන් වාතාරණයත් සමඟින් පුද්ගලයින් 30දෙනෙකු මරණයට පත් වූ අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මේ අරගලය  හේතුවෙන් රටට සිදු වූ ආර්ථික හානිය කොපමණ ද යන්න මෙතෙක් ගනනය කිරීමක් සිදුව නැත.

සංචාරක කර්මාන්තය නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අතර, මෙම තත්ත්වය හේතුවෙන් නෙපාලයේ සංචාරය සදහා ඉදිරිපත්ව සිටි සංචාරකයින්ගෙන් 90%ක් තම සංචාරයන් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

මේ වන විට නේපාලය පවතින්නේ හමුදා පාලනයක් යටතේය. හමුදාව විසින් ඇදිරි නීතිය පනවා ගොඩනැගෙමින් පැවති ප්‍රචන්ඩකාරී තත්ත්වය පාලනය කර තිබේ.

තිබූ පාලනය පෙරලා දැමීමෙන් පසුව නේපාලයට ඊලගට වන්නේ කුමක්ද යන්න බොහෝ දෙනෙකු ප්‍රශ්ණය වී තිබේ. රට සාමකාමී කිරීමෙන් පසුව සුදුසු පාලනයක් පිහිටුවීම සදහා හමුදාව නැවත ඉඩ තබයිද? මැතිරවරණ පවත්වා ජනතාව කැමති පාලකයින් නැවත පත්කර ගැනීම හමුදා සහාය ලැබේද යන්න සියළු දෙනා අසන ප්‍රශ්නයයි.

මැතිවරණයක් පවත්වන්නේ නම්, නේපාලයේ මීළඟ නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා, පත් කරගැනීමට එරට ජනතාව කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

‘බැලන්‘ නමින් හදුන්වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා, 2022 වසරේ සිට මේ දක්වා කත්මණ්ඩු නගරාධිපති ලෙස කටයුතු කරයි.

ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගවදිමින් නගරාධිපති ධුරය ජයග්‍රහණය කළ අතර පක්ෂ සහාය නොමැතිව කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා ලෙස බලයට පත් වූ පළමු පුද්ගලයා ද වේ.

මොහු රැප් ගායකයෙක් ලෙස නේපාල තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයකි. එරට විරෝධතාකරුවන් බහුතරයක් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් පවතින බව වාර්තාවේ.

 

Social Sharing
අවකාශය නවතම විදෙස්