Z Gen එක නොසලකා හරිමු ද? – මහේෂ් හපුගොඩ

විවේචනයට ලක්වෙන Z ජෙනරේෂන් (Z Gen) එකට කතාකරන්න බැරිවීම නිසා සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ආකාර දෙකක හානියක් වෙනවා. එකක් තමයි ඒ පරම්පරාවේ චන්ද නැතිවීම. සහ ඔවුන් විසින් හසුරුවන වැඩිහිටි අයගෙත් චන්ද නැතිවීම. අනික තමයි ඔවුන් විසින් මුදාහරින භෞතික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට ඔවුන්ට පත්වීමට සිදුවීම. ඒ නිසා Z Gen එක ගැන ලංකාවේ දේශපාලන පක්ෂ වුනත් මෙයිට වඩා හිතන එක හොඳයි.

මොකද අනාගතයේ වැඩකරන්න හෝ නොකරන්න තියෙන්නේ මෙයාල එක්ක. පැරණි පරම්පරාව එක්කෝ මැරෙනවා. නැත්නම් තිරෙන් ඉවත්වෙනවා.

Z Gen එක අන් කවරදාටත් වඩා පැරණි දේශපාලනයෙන් වගේම පැරණි පරම්පරාවෙනුත් වෙනස්. ඔවුන් පැරණි පරම්පරාව කියන දේ අහන්නේ නැහැ. ඔවුන් හරි කියල හිතන දේ කරනවා සහ අපේ පරම්පරාව සොයා නොගිය නිදහසක් ඔවුන් සොයායනවා. ඒක වලක්වන්න බැහැ. සමාජ මාධ්‍ය නැතිවුණා විතරයි නේපාලේ ආව ප්‍රචණ්ඩ බවට පතුලක් තිබුනේ නැහැ.

පැරණි දේශපාලන තවමත් තුෂ්නිම්භූත වෙලා ඉන්නේ මේ පුපුරායාමේ ස්වභාවය ගැන. Z පරම්පරාව නීතිය ගැන නොසිතා ඔවුන්ට උවමනා දේ සොයාගෙන යනවා කියල 2024 බ්‍රිතාන්‍යයේ කරපු සමීක්ෂණයකින් සොයාගෙන තියනවා. ඒක අපේ පරම්පරාවෙන් වෙනස් තත්වයක්.

විශේෂයෙන් ඔවුන්ගේ විරෝධතා තහනම් කිරීම වගේ දෙයක් දිහා මේ පරම්පරාව බලන්නේ ඉතාම වෙනස් විදියට කියල ඒ සමීක්ෂණය පෙන්වා දෙනවා. තමන්ගේ නිදහස තහනම් කරන තැනදී ඔවුන් ප්‍රචණ්ඩයි. පවුල ඇතුලෙත් පවුලෙන් පිටත්.

කොහොම උනත් ලංකාවේ උනත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ තවමත් අසමත් මේ පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක වැඩ කිරීමේදී. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට මෙයාල එක්ක දේශපාලනය කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද එයාල ඉන්නේ බෙදිලා. අදහසක් නැතුව. පරණ වැඩපිළිවෙලවල් එක්ක හිරවෙලා.

මම හිතන්නේ ඉන්දියාව පවා මේ ගැන හිතන්න ඕනි. උන් එහෙම එහෙ පටන් ගත්තොත් සුං. සුං කියන්නේ සුනේ සුං…

Social Sharing
නවතම පුවත්