පැරණි පුරුදු අත්හරින්න, බැරි නම් රාජකාරියෙන් ඉවත් වෙන්න, නැත්නම් ඉවත් කරනවා – ජනාධිපති

“නීතිය සුරකිමු – සාමය අගයමු” තේමාව යටතේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය ඊයේ (03) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස් සේවාවේ දූෂිත නිළධාරීන් අතලොස්සක් සිටින බවත්, ඔවුන්ට නිවැරදි වෙන්න බැරි නම්, පොලිස් සේවයෙන් ඉවත් වන ලෙසත්, එසේ ඉවත් නොවන්නේ නම් එවැනි දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් පවසා සිටියා ය.

අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවත්, කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළාය.

පොලිස් නිල­ධා­රීන් සිටි­නුයේ මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­මට වුවත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හ­රින ලෙස ඉල්ලා සිටින බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

එසේ නොමැති නිල­ධා­රීන්ට රාජ­කා­රි­යෙන් ඉවත් වන ලෙසත් එසේ ස්වේච්ඡා­වෙන් ඔවුන් ඉවත් නොවන්නේ නම් සේව­යෙන් ඉවත් කිරී­මට සාක­ච්ඡා­කර තිබෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

අද සමා­ජ­මය අභි­යෝ­ග­යක්ව පව­තින මත්ද්‍රව්‍ය උව­දුර සහ නීති විරෝධී අවි­ආ­යුධ යොදා ගනි­මින් සිදු කරන අප­රාධ වැළැ­ක්වීම සඳහා පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට විශාල වග­කී­මක් පැවරී තිබෙන බව සඳ­හන් කරන ජනා­ධි­ප­ති­ව­රයා, තම රාජ­කා­රිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිල­ධා­රින් ආරක්ෂා කිරී­මට රජය කට­යුතු කරන බවත්, ඒ වෙනු­වෙන් නොබි­යව පෙරට එන ලෙස පොලිස් නිල­ධා­රීන්ට ආරා­ධනා කළේය.

 

Social Sharing
නවතම පුවත්