අයථා වත්කම් සොයන්න PCID අද සිට ක්‍රියාත්මකයි.

Proceeds of Crime Investigation Division

දේශපාලනඥයන්, පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලුම දූෂිත පුද්ගලයන් උපයාගෙන ඇති නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය Proceeds of Crime Investigation Division (PCID) නමින් අලුත් පොලිස් කොට්ඨාසයක් අද (03 වැනිදා) සිට ස්ථාපිත වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත්තේ කීර්තිමත් දක්‍ෂ පොලිස් නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී, ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාය. මෙම නව කොට්ඨාසයට අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ලෙස ඉදිරියේ දී පත් කිරීමට නියමිතය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන නීති විරෝධී දේපළ පවරා ගැනීමේ පොලිස් ඒකකය ද මෙම නව ඒකකය වෙත ඒකාබද්ධ කරනු ඇත.

ඒ අනුව නීති විරෝධී වත්කම් දේපළ පවරා ගැනීමේ ඒකකය වෙත ලැබී ඇති පැමිණිලි මෙන්ම දැනට සිදු කරන සියලු විමර්ශන ඉදිරියේදී මෙම නව පොලිස් කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.

Social Sharing
අවකාශය නවතම