අලුත්ම රුපියල් 2000 නෝට්ටුව

සල්ලි අච්චු (Money Printing) ගැසීම හා නෝට්ටු අච්චු (Currency Printing) ගැසීම එකක් නොව දෙකකි. සරළව සල්ලි අච්චු ගසනවා කියන්නේ මුදල් සැපයුම පුළුල් කිරීම යි.   ‍නෝට්ටු මුද්‍රණය යනු අප පරිහණය කරන මුදල් කඩදාසි නෝට්ටු සහ කාසි නිශ්පාදනයයි.

2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුල නෝට්ටු අච්චු ගැසීම (Currency Printing) රු. බිලියන 7.9 ක් බව මහ බැංකුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස දක්වා ඇති බව මිතුන් ජයවර්ධන සිලෝන් ටුඩේ පුවත්පතට වාර්තා කර තිබුණි.

මේ කියන්නේ නෝට්ටු අච්චු ගැසීම හෙවත් සල්ලි කොළ ගැනය.  මාස හයට අච්චු ගැසූ මුදල රු. බිලියන 7.9 කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නැවතත් අවධාරණය කර ප්‍රකාශ කරන්නේ මේ වසරේ ජූනි දක්වා මාස 6 තුල,

  1. ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (Broad money printing (M2b) ට්‍රිලියන 1.22 බව ත්,
  2. ණය බර වැඩිවීම රු. බිලියන 905 ක් බව ත්,
  3. රු. බිලියන 7.9 ක නොට්ටු අච්චු (Currency Printing) ගසා ඇති බව
  4. මේ වසර තුල විදේශ සංචිත පහත වැටීම සිදු වී ඇති බව ය.

ආණ්ඩුව සල්ලි විතරක් නෙවෙයි දැන් නොට්ටුත් අච්චු ගසන්නේය.  මේ අලුත්ම රු. 2000 නොට්ටුවයි.

රජිත් කීර්ති තෙන්නකෝන්

Social Sharing
නවතම පුවත්