පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

දෙ‍ළොස් හැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර අට වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිරප්පනේ අතුන්ගම පදිංචි විවාහක ගුරුවරයෙක් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක දොළොස් හැවිරිදි පිරිමි දරුවකුගේ දෙමාපියන් විසිනි.

සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රංජිත් රාජකරුණා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සිය සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව ඕනෑම ඇප කෙන්දේසියක් මත මුදා හරින ලෙසට නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති නමුත් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තබා ඇත.

Social Sharing
අවකාශය නවතම