
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම මගින් අද (අගෝ. 14) අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඔහු වෙනත් පුද්ගලයෙකු නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් තුනක් විවෘතකර, එම ගිණුම්වලට, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවාවන් ලබා ගන්නන්ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවටගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
