RTI කොමිසමට සභාපතිවරයකු පත් කරන ලෙස නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය  විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ ඇති බවට වාර්තා වේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා,  ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන ආකාරයට ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධූරය මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවත් ඒ අනුව එම කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඉන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගත් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

පෙත්සම්කරුවන් සඳහන් කරන ආකාරයට තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි.

ඒ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළ අවසන් තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දී ඇත. එමෙන්ම මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Social Sharing
අවකාශය නවතම