තට්ටු දෙකේ සුහුරු කාණු හැදූ නදීශාට – 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය

ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව (Smart Drain) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් “2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය” හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන 19 දින දිවයිනට පැමිණියාය.

වැසි දිනවල නගර ආශ්‍රිතව කාණු පද්ධති, ප්ලාස්ටික් සහ පොලිතීන් සිරවීම නිසා, නිතර ජල ගැලීම් ඇති වේ. මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යෑමට අවස්ථාව සළසා දෙනු ලබයි. එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාලනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ලබයි.

මෙම සම්මාන උළෙල ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සඳහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබිණි.

Social Sharing
නවතම පුවත්