ජනපති නීතිපති හමුවෙයි

අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති ජනතා විශ්වාසය තහවුරු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ (6) කැදවා තිබුනි. එම සාකච්ඡාව සදහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබුනි.

නීතිපති උපදෙස් බරපතල ලෙස ප්‍රමාද වීම, අධිචෝදනා ගොනු කිරීම සදහා විශාල කාලයක් ගැනීම, නීතිපති විසින් පවරන ලද බොහෝ නඩු ඉදිරියට ගෙනයාමට නොහැකි වීම හෝ පරාජය වීම, සමහර නඩු ඉල්ලා අස්කර ගැනීම, වගවීමක් නොමැතිකම ඇතුළු කාරනා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට සමාජයේ විශාල විරෝධයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත එල්ල විය.

මහජන විශ්වාසය මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බව මෙහි දී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මේ අතර, අපරාධයක් සම්බන්ධව පොලිසිය විසින් විමර්ශන සම්පුර්ණ නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවලදී ඒ පිළිබදව ලිපි ගොණුවක් විවෘත නොකර සිටීමටත්, එම චෝදනා සම්බන්ධව අධිකරණයේ අධිචෝදනා ගොනු නොකර සිටීමටත් නීතිපති දේපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා විය.

බරපතල අපරාධ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ දී පොලිසිය එම අපරාධය සම්බන්ධව විමර්ශණ කටයුතු සම්පුර්ණයෙන් අවසන් නොකිරීම මත නීපතිති දෙපාර්තමේන්තුව මෙම තීරණය පැමිණ තිබේ.

මේ තීරණය අනුව අපරාධයක් සම්බන්ධව පොලීසිය විසින් උද්ධෘත හා විශේෂ වාර්තා නීතිපති වෙත ගොනු කරන අවස්ථාවේ දී අදාල සිද්ධිය සම්බන්ධළු විමර්ශන අවසන්  බවට සහතික කරමින් ලිපි ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවට ගොනු කිරීමට පොලීසියට සිදු වනු ඇති. මින් ඉදිරියට පොලීසිය විසින් නීතිපති වෙත අසම්පුර්ණව ඉදිරිපත් කරන නඩු ගොණු නැවත පොලිස් මූලස්ථානය වෙත එවීමට කටයුතු කෙරේ.

එමෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් එවා ඒ අනුව චෝදනා සම්බන්දයෙන් නීතිපති දෙපර්තමේන්තුවේ උපදෙස් ලැබී නොමැති යැයි අධිකරණයේ ප්‍රකාශ කිරීමේ පොලිසියේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසතුටින් සිටින බවත්, සමහර අවස්ථාවලදී අපරාධ චෝදනාව ලැබූ ප්‍රධාන සැකරුගෙන් ප්‍රකාශ සටහන් නොකර විමර්ශන වාර්තා නීතිපති වෙත යොමු කර ඇති අවස්ථා බොහොමයක් හමුවී ඇති බව නීතිපති අංරංචිමාර්ග සදහන් කරන බවට පුවතක් ඊයේ (6) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනි.

 

Social Sharing
නවතම පුවත්