තමන්ව නිහඬ කිරීමෙන් කොවිඩ් පාලනය කළ නොහැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය පැමිණෙන විට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටියේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාය. ඔහු කොවිඩ් වෛරසය ගැන පමණක් නොව සෙසු රෝගී තත්වයන් පිලිබඳවද ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට උත්සහ කළ අයෙකි.

නමුත් පහුගිය 06 දා මාධ්‍ය මඟින් වාර්තා කර සිටියේ ඔහුව එම අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයට පත් කළ බවය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර ඇති බවත් ඉන් වැඩිදුරටත් කියැවිණි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටින්නේ තමන්ට ඇති චෝදනාව වැඩියෙන් වැඩ කළ බවත් කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බවත්ය.

සෞඛ්‍ය අමාත්යාංශයේ ඉහල නිලධාරින්ගෙන් ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා ඔහු ප්‍රතික්ෂේප කළ බවත් නැවත තනතුරු බාර ගන්නේ නැති බවත් ඔහු වැඩිදුරටක් කියා සිටියි.

මේ වන විට තමන්ට මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් සමාජගත වී ඇති බැවින් ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව පෙන්වා දෙන ඔහු

කියා සිටින්නේ ප්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ ආසාදිතයන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇති බවය.

ඔහු මේ තොරතුරු හෙළිකර සිටියේ ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Social Sharing
නවතම