වතු කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් 1,700ක් ලබා දීම සම්මත වේ.

 

වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස රුපියල් 1,7000ක් ලබා දීම ඊයේ දිනයේ දි එනම් 12 වන දා පඩි පාලක සභාවේදී තීරණය වී තිබේ. ඒ අනුව වතු කම්කරුවන් වෙනුවෙන් මූලික වැටුප රුපියල් 1,350ක් සහ දිරි දීමනා ලෙස රුපියල් 350ක් ලබා දීමට නියමිතය. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් පවත්වා තිබු අතර වැඩි ඡන්දයෙන් මෙම වැටුප් වැඩි කිරීම සම්මත වී තිබිණි. ඒ සඳහා පඩි පාලක සභාව, වතු හාම්පුතුන්ගේ සංගමය හා කම්කරු කොමසාරිස්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් එක්වි තිබිණි. මෙම වැටුප් වැඩි කිරීමට පක්ෂිකව 14 දෙනෙක් ඡන්දය පළ කර ඇති අතර, වතු සමාගම් තුනක් පමණක් ඊට විරෝධය පළ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැටුප් ගැටලුවට අමතරව වතු ජනතාවට තමන් ජීවත්වන පර්චස් අටක නිවසේ උරුමය ලබා දීමට හා ජීවත්වන නිවාස ගම්මානයක් බවට පත් කරමින් ඔවුන්ට ලබා දීමටත් එකඟතාවය පළ කර ඇත. එමෙන්ම විශ්‍රාමික වතු කම්කරුවන්ටත් නිවාස හිමිකම ලබා දීමට මෙන්ම එම වතුවල ජීවත්වන තරුණ තරුණියන් 2300කට ගුරු සහායක පත් වීම් ලබා දීමටත් එකඟතාවය පළ කර ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව නිකුත් කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්