බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

එහිදි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා විය.

ඒ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

බන්ධනාගාර නිලධාරින්ගේ සියලු නිවාඩු අවලංගුකර ඇති බැවින් සියලුදෙනා වහාම සේවයට වාර්තා කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා අද නිවේදනය කළේය.

වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස ලෙඩ නිවාඩු දමා ඇති බව වාර්තාවිය.

ඒ අනුව වැලිකඩ, ගාල්ල සහ මාතර යන බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී

Social Sharing
නවතම පුවත්