යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු

පසුගිය සමයේ යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පොලිසිය කටයුතු කිරීමට සැරසෙනවා. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටින්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ අපරාධකරුවන් හා සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්