නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේපල අත්අඩංගුවට

වසර 30ක පමණ කාලයක සිට නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් විය.

අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි.

ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව තිබූ ටිපර් රථයක්/ කුඹුරු අක්කර 30 ක් / නිවසක් සහිත ඉඩම් අක්කර 3 ක් සහිත දේපල රැසක් මෙසේ අත්පත් කර ගෙන තිබේ.

එමෙන්ම මෙම පුද්ගලයාට වසර 15 ක පමණ කාලයක් නීති විරෝධීව මත්පැන් ජාවාරම කරගෙන යාමට සහාය දුන් වෙනත් අයෙකු සතුව තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් වෑන් රථයක් ද අත්අඩංගුවට ගන්නා ලදි.

මත්පැන් ජාවාරමේ නිරත වූ බව කියන මෙම පුද්ගලයා නීති විරෝධී මත්පැන් සම්බන්ධ 40 වතාවකට ආසන්න වාර ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අයෙකු බව ද විමර්ශන නිලධාරීන් සදහන් කරයි.

ඔහුගේ එම ක්‍රියාවන්ට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් සිටී නම් එම අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම විශේෂාංග