මන්නාරම සතොස සමූහ මිනී වලේ නඩුව නැවතත් අධිකරණයට

මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත්  කේ.එල්.එම් සජීත් මහතා  ඊයේ (12)  නියෝග කළේය.

එම නියෝගයට අනුව මහාචාර්ය රාජ් සෝමදේව ,මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ,පළාතේ පුරා විද්‍යා නිලධාරිවරයා, ග්‍රාම නිලධාරීවරයා  හා  යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලිමේ  සංගමයේ සභාපතිවරයා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වලෙන් මිනිස් ඇට සැකිලි හා කොටස් 113 ක්  හමු වූ  අතර ඒවා මන්නාරම රජයේ රෝහලේ ගබඩා කොට තිබේ.

අධිකරණ නියෝග මත මන්නාරම සතොස සමූහ මිනි වලේ කැණීම් කටයුතු අවසන් වූ අතර එම වළද පස් යොදා වසා දමා ඇත.

තත්ත්වය මෙසේ තිබියදී යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ තොරතුරු සොයා බලන සංගමයේ නිලධාරීන් විසින් ගොණු කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා යළි එම නඩුවට අදල ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊට අදාල පාර්ශ්ව කරුවන් අධිකරණය හමුවට කැදවීමට නියෝග කළේය.

Social Sharing
නවතම පුවත්