ඔයාටත් stress ද?

Stress and depression

රැකියාව එක්ක, අධ්‍යාපනය එක්ක,පෞද්ගලික ජීවිතේ වෙන සමහර වෙනස්කම් එක්ක ඒ වගේම බලාපොරොත්තු කඩවීම් එක්ක Stress එක නැත්නම් ආතතිය කියන එක අපි අඩු හෝ වැඩි වශයෙන් දිනපතා අත්විදින දෙයක්. අපේ ජීවිතේට එන විවිධ හැල හැප්පීම් වලට ආමන්ත්‍රණය කරන්න අපිව පොළඹවන ස්වාභාවික මානව ප්‍රතිචාරයක්. ඉතින් අපිට ආතතිය වැඩිවෙද්දී මොළය විසින් නිකුත් කරනවා Cortisol සහ Adrenaline කියන “Fight or Flight” ප්‍රතිචාරය දක්වන හර්මෝන. මේ හර්මෝන වලට “Fight or Flight” response හර්මෝන කියලා හදුන්වන්නෙ අපි ආතතියට පත්වෙලා ඉන්න වෙලාවෙ ඊට අදාල අවස්තා වලට අපි Fight කරනව ද නැත්තම් ආරක්ෂිතව පලායනවද කියලා තීරණේ කරන නිසා.

“Stress is a normal part of life” කියලා තිබුණට මගේ නම් stress එක වැඩි උනහම මාත් නිකන් රුසියාව වගේ කොයිවෙලෙත් වෙඩිතියන්නමයි බලාගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි ඇස් දෙකෙන් කඳුලු බේරෙන තරම්. Stress එක manage කරගන්න එක කරන්න අමාරු වැඩක් උනත් try එකක් දීලා ඒක කරගන්න පුලුවන්නම් වටිනවා.

Stress management වලට නම් මුලින්ම අපිට කරන්න තියෙන්නෙ ඇයි අපි stress වෙලා ඉන්නෙ කියලා හොයාගන්න එක. ගොඩක් වෙලාවට මේකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඒ හේතු හැම එකක්ම එකින් එක අපි අපිටම පැහැදිලි කරගන්න ඕනෙ. ගොඩක් වෙලාවට එහෙම පැහැදිලි කරගෙන යද්දි ඒවට විසදුම් නිකන්ම ලැබෙනවා. ඒ වගේම Stress manage කරන එක time management එක්ක බැදිලා තියන දෙයක් ඒ නිසා කාලය කළමණාකරනය කරගන්න එකත් ආතතිය අඩුකරගන්න පුලුවන් විදිහක්.

දෙවනි එක තමයි ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගන්න එක (self care). පෝෂ්‍යදායි ආහාර ගන්න එක ,ප්‍රමාණවත් තරම් නිදාගන්න එක වගේම ව්‍යායාම කරන එක අපේ ශාරීරික සෞඛ්‍යට ඒ කාලෙ හුඟක් වැදගත්.

ඒ වගේමයි මානසික සෞඛ්‍ය රැකගන්න එක. Mindfulness වීම. මේක පොඩ්ඩක් මේ කාලෙ අමාරු වැඩක් මොකද ඉක්මනට ලෙඩ වෙන්නෙ මේ කෑල්ල නිසා. එත් ඉතින් මෙතනින් ප්‍රධානම දේ මේක. මානසික සොඛ්‍ය රැකගන්න දේවල් නම් හුඟක් තියනවා. භාවනා කරන එක, යෝගා කරන එක, ඒ කාලය ඇතුලෙ social media වලින් පොඩ්ඩක් ඈත් වෙලා පරිසරය එක්ක කාලය ගතකරන එක ඒ වගේම සංගීතයත් අපිට peaceful mind එකක් ඇති කරන්න උදව් කරනවා.ඒකට වෙනම music තියනවා.

අනිත් එක තමයි කැමතිම විනෝදාංශය එක්ක කාලය ගෙවන එක. Stress එක තියන වෙලාවට instrument එකක් play කරන්න, චිත්‍රයක් අදින්න, නැත්තන් නටන්න, movie එකක් බැලුවත් ඒකත් stress නැති වෙන්න උදව් වෙනවා හැබැයි බලන movie එක අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්.

අනිත් දේ තමයි ඔයාට කියලා boundaries තියාගන්න! ඔයාට stress එක ඇතිවෙන දේවල් පුලුවන් තරම් වළක්වාගන්න, සීමා කරන්න බලන්න.

මේ දේවල් වලට අමතරව අපිට තව පුංචි පුංචි දේවල් වලින් stress අඩු කරගන්න පුලුවන් ක්‍රම තියනවා.

නාන එක, ice cream කන එක, අපිලිවෙල තැන් පිලිවෙලට අස් කරන එක, අඬන එක, ඔයා කැමති අය එක්ක කොහෙහරි යන එක ඒ වගේම masturbation and sex. මේ දේ නම් stress එක reduce කරන්න හොඳම ක්‍රමයක්.

අනිත් වැදගත්ම දේ තමයි ජීවිතේ එකම විදිහට ගෙවෙන්නෙ නෑ! ඔයා ගැන විශ්වාස කරන්න! ඔයාට දුෂ්කර කාල පහු කරන්න අමාරු නම් “Fight or Flight” response එකෙන් ආරක්ෂිතව fly කරනවා කියලා ජීවිතෙන් පලා යන්න හදන්නෙ නැතුව ඊට කලින් කතා කරන්න! කාටහරි!

-හේෂානි කරුණාරත්න

Social Sharing
අවකාශය නවතම විශේෂාංග