වෛද්‍යවරයෙකු බීමත්ව සිදුකල පහර දීමක් නිසා කරාපිටිය රෝහලේ විරෝධතාවක්

බීමත්ව පැමිණ සෞඛ්‍ය කාර්‍ය සහායිකාවකට පහරදුන් වෛද්‍ය නිළදාරියෙකුට එරෙහිව, කාරපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය සේවයෙන් ඉවත් වී තිබේ.

මෙම වෛද්‍යවරයා ගර්භනී තත්වයේ පසුවූ වෛද්‍යවරියකටද පහරදී වරදකරුවෙකු වූ අයෙකුවන අතර, නිතර රෝහල තුල බීමත්ව රාජකාරී කරණු ලබන අයෙකු බවයි ඔවුන් පවසන්නේ. රෝහල් අධ්‍යාක්ෂකවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු වෛද්‍ය වෘත්තිකයෙකු වීම නිසාම ඔහුගේ ක්‍රියා කලාපයන් යට ගසමින් විනය නීතී ක්‍රියාත්මක නොකරමින් සිටින බවයි සේවක මන්ඩලය චෝදනා කරමින් කියා සිටින්නේ.

රෝහල අවට පාතාලය සමග විෂමාචාර ක්‍රියාවන් නිරත වෙමින් කටයුතු කිරිම හේතුවෙන් පොලිසියද ඔහුට සහයෝගය දක්වන බව වාර්ථා වේ.

පහර කෑ සෞඛ්‍ය කාර්ය සහයිකාව රෝහල් ගතව ඇති අතර, මෙම වෛද්‍ය නිලධාරියාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු, වර්ජනය අඛණව ක්‍රියාත්මක බවයි කාරපිටිය ශික්ෂණ රෝහලේ සියළු කාර්‍යමණ්ඩලය පවසන්නේ.

Social Sharing
නවතම පුවත්