දුරකථන දත්ත විශ්ලේෂණය මඟින් ඝාතන සිද්ධියකට අදාල සැකකරුවෙක් අත්අඩංගුවට

දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කර පුද්ගල ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

2023 නොවැම්බර් 28 වනදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ තියුණු ආයුධවලින් කපා කොටා මෙම පුද්ගල ඝාතනය සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ වත්තල පොලීසිය ඊයේ (23) දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් සැකකරු පිළිබඳව තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුවය.

සැකකරු 29 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇත.

Social Sharing
නවතම පුවත්