ශානි අබේසේකරව අමාරුවෙ දැම්මේ රන්ජන්ද?

රෝයල් පාර්ක්හී සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු සොයා ගත් අවස්ථාවේ ඔහුගේ පවුලෙන් රුපියල් කෝටි 05 ක් ලබා දීමට උත්සහ කළ අවස්ථාවේ මුදලට නොවිකුණු ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු වු ශානි අබේසේකරට ලංකාව වැනි දුෂිත රටක නිදහසේ වැඩක් කිරීමට ඉඩ නොදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

ඒ මාධ්‍යවේදියකු විසින් ඇසු “ශානි අබේසේකරව අමාරුවෙ දැම්මේ රන්ජන්ද?” යන පැනයට පිළිතුරු දෙමින්ය.

තාජුඩීන් නඩුව, වසන්ත කරන්නාගොඩ නඩුව, ආර්. දුමින්ද සිල්වා නඩුව කලේද ශානි බවත් දුමින්ද සිල්වා වැනි කෝටිපතියෙකු හිරේට යැවීමම තුලින් මුදලට යට නොවු ඔහුගේ දක්ෂතා පෙන්නුම් කරන බවද ඔහු කියයි.

ඔහු නිවසක් නැති, වාරික ගෙවන වාහනයක් හිමි දුප්පත් පොලිස් නිලධාරියෙකු බව පවසන රංජන් රාමනායක මහතා කියා සිටින්නේ අධිකරණයෙන්, නීතියෙන් දඬුවම් දුන්නත් ඔහුව ස්භාව ධර්මයෙන් බේරනු ඇති බවය.

ශානි අබේසේකර අමාරුවේ වැටුණේ තමන් නිසා යැයි කරන චෝදනාවට මේ අවස්ථාවේ එහි නඩුවක් පවතින බැවින් පිළිතුරු දිය නොහැකි බවත් නමුත් තමන් විවාද වලට යාමට ප්‍රථම විමර්ශන වල තත්ත්වය විමසු බවද රංජන් රාමනායක මහතා පවසයි.

Social Sharing
නවතම