අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක්  පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක්  ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව අතට හැරී තිබෙනවා. අග්බෝ සුවපත් කරගැනීමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්‍ය වරුන් ඇතුලු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමටයි කටයුතු කලේය. ඒ අග්බෝ  ඇතාට කිහිපවරක්ම ශල්‍්‍යකර්මයන්  සිදු කරමින්,  ස්කෑන් පරීක්ෂණ , රුධිර පරීක්ෂණ හා දෛනිකව ඖෂධ ගැල්වූ ආහාර ලබා දෙමින්ය. වෛද්‍්‍ය නිර්දෙශ අනුව ඇතාට අවශ්‍ය ආහාර එලවලු, පලතුරු , ගොයම් හා තෘණ වර්ග දිනකට කිලෝග්‍රෑම්  250-300ත් අතර ප්‍රමාණයක් දින 85ක පමණ කාලයක් ලබා දීමටයි  වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලැබීී.ය පසුව වෛද්‍ය වරුන්ගේ නිර්දේශය මත ආහාර ලබා දීම නවත්වා තිබෙනවා.  ඒ අග්බො ඇතා යම් මට්ටමකට සුවය ලැබීම නිසාවෙන්, ඇතා නැවත වනයට හුරු කිරීම අරමුනෙනි. වෙනදාට වඩා ශක්ති සම්පන්න ලෙස ඇතා මේ වන විට 10km පමණ දුරක් එක් රාත්‍රියකට ඇවිදිමින් වාස භූමි වෙනස කරමින් අහාර සොයාගැනීම දැන් ආරම්භ තිබෙනවා.

එසේ සැරිසරණ අග්බෝ ඇතා , සැරිසරන ප්‍රදේශයන් වල වගා හා දේපල හානි සිදු කරම්න් අහාර සපයා ගැනීමටයි මේ වන විට හුරු වී තිබෙනවා.  එමගින් එම ප්‍රදේශයන් වෙසෙන ජනතාවට හා අග්බෝ ඇතාට තරමක ආරක්ෂාව  පිලිබදව යම් ගැටලුකාරී ස්භාවයක් නිර්මාණ වී තිබෙනවා. මේ පිලිබදව  තිරප්පනේ  වනජීවි කාර්‍යාලය මගින් වනජීවි ඉහල නිලධාරීන්ද ලිඛිතව දැනුවත් කර තිබෙනවා. කෙසේ නමුත් ඊයේ දිනයේ රාත්‍රියේ කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුලු වී නිවාසයක  මුලුතැන්ගෙය කඩා දමා තිබෙන අතර ප්‍රදේශයේ නිවාස ආසන්නයම ගොස් වගා හා ස්තීර බෝග විනාශ කර තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් මේ පිලිබදව  තිරප්පනේ වනජීවි නිලධාරීන් දුරකතන මාරගයෙන් සම්බන්ධවී මේ පිලිබදව  දැනුම් දී තිබුනද වනජීවි නිලධාරීන් පැමිණ නැති බවටයි ඔහුන් චෝදනා නගන්නෙ.

අප මේ පිලිබදව තිරප්පනේ වනජීවි කාර්යාලයෙන් විමසීමක් සිදු කරණ ලැබූ අතර ඔහුන් පැවසූවේ මාස 5කට ආසන්න කාලයක් අග්බො ඇතා පිලිබදව පූර්ණ අවදානයෙන් හා මුර සංචාර අඛණ්ඩව සිදුකලද , ඊයේ දිනයේ දී ඔහුන්ට එම ස්තානයට ලගා වීමට නොහැකි වීමට හේතුව වීඇත්තේ රාජකාරී නිළ රථය දින කිහිපයක සිට  යම් කාර්මික දෝශයකට ලක්ව නඩත්තු සදහා යොමු කර ඇති නිසාවෙන් බවයි. මේ වන විට අග්බෝ ඇතා පලවාහැරීමට නොහැකි වීම නිසාවෙන් වනජීවි නිලදාරීන් හා ප්‍රදේශ වාසීන් අතර ගැටුම් කාරී තත්වයක්  නිර්මාණ වෙමින් පතින අතර ,අග්බෝ ඇතාටද ආරක්ෂාව පිලිබදවටද යම් තර්ජනයක් එල්ල වී ඇති බවත්  සලකා ප්‍රදේශ වාසීන් ඉල්ලා සිටින්නෙ  හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්තානයකට රැගෙනගොස් මුදාහරින ලෙසයි.

Social Sharing
අවකාශය නවතම පුවත්