ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා…

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටී සති දෙකක් ගතව ඇතත් මෙතෙක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට වාර්ෂික සේවා ගිවිසුම ක්‍රියාත්මක කළයුතු වුවත් බලධාරීන් ඒ පිළිබඳව පියවර නොගැනීම නිසා විකිරණ කටයුතු ඇනහිටීමෙන් රෝගීහු දැඩි පීඩාවට ලක්ව සිටිති.

හදිසි අනතුරු අංශයේ රෝගීන්ගේ විකිරණ පරීක්‍ෂණ මේ වනවිට යාබද වෙනත් ඒකකයක සිදු කළත්, එම ඒකකයේ පරීක්‍ෂණ සිදුකිරීමට සහ විකිරණ ඡායාරූප නිකුත් කිරීමට විශාල කාලයක් ගත වෙයි. මේ හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි විකිරණ තාක්‍ෂණවේදීන් පවසයි.

සුජීව තත්සර

Social Sharing
නවතම පුවත්