Don’t be afraid to be different..

 

Vincent van Gogh කිව්ව ගමන් ඔයාට මතක් වෙන්න නිල්පාට සුඳු පාට සායම් එක්ක ගිය චිත්‍ර ටිකක් නේද? මට නම් එහෙමයි. Van Gogh ඉපදෙන්නෙ නෙදර්ලන්තයේ ඒ 1853 දි. එයාගේ පොඩි කාලෙ ඉදන් ආසව උනේ කලාකාරයෙක් වෙන්න. ඒත් දෙම්ව්පියන්ගෙ කැමැත්ත උනේ Van Gogh ව දේව ධර්මය පැත්තෙන් ඉස්සරහට යවන්න. ඒ නිසා ඔහු 1876 දි ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ දේවධර්මය ඉගෙන ගන්න යනවා පසුව ඔහු දේශකයෙකු ලෙස සේවය කරන්න එංගලන්තයට පිටව යනවා.

නමුත් Van Gogh ගේ ආශාව දැඩි වෙන්න දැඩි වෙන්න 1888 දි ඔහු කලාව තම ජීවිකාව කරගන්නවා.ඔහු චිත්‍ර කලාව හැදෑරීමට බ්‍රසල්ස් වෙත යනවා. ඔහුගේ සිතුම් පැතුම් වල විවිධත්වය නිසා එහි ගුරුවරු සමඟ ඔහු වාද කරගන්නවා අවසානයේ වෑන්ගොහ් ව එතනින් නෙරපනවා. තමන්ගේ හීන අත් නොහරින Van Gogh ප්‍රංශයට යනවා එතනදී ඔහුට ප්‍රංශ කලාකරුවන් කිහිපදෙනෙකු හමුවෙනවා. එහිදී කලාව ප්‍රගුණ කරන ඔහු පසුව ආලර්ස් වෙත යනවා එහිදී කලාකරුවෙකු වන Paul Gauguin සමඟ කලාකරුවන්ගේ ජනපදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.නමුත් ඒ බලාපොරොත්තුව බිඳී යන්නේ ඔහු Paul සමඟ අමනාපයක් ඇති කරගන්නා හේතුව මතයි. මෙය ඉවසාගත නොහැකි Van Gogh තමන්ගේ එක කනක් කපා ගන්නවා. මෙම සිද්ධියෙන් පසු ඔහුට තේරුම් යනවා තමන් මානසික ව්‍යාධියකින් පෙළෙන බව එහෙම උනත් Van Gogh තමන්ගේ චිත්‍ර කලාව අත් හරින්නේ නැහැ. ඒ වගේම ආර්ථික අපහසුකම් එක්ක 2100 ක් පමණ කලාකෘති නිර්මාණය කරනවා. නමුත් ඒ එකක්වත් විකිණෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔහු එකල ජනප්‍රිය වෙල තිබුණු කලා කෘති රටාවට බෙහෙවින් වෙනස් විදිහෙ කලාකෘති නිර්මාණය කිරීම. ඒ නිසා ඒවාට ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ.එසේම ඔහුගේ විවිධත්වය නිසා මිනිස්සු Van Gogh ව ගණන් ගන්නෙවත් නැහැ.නමුත් ඔහු තමන්ගේ රටාව,විවිධත්වය කිසිසේත්ම වෙනස්කරගන්නේ නැහැ. ආපසු හැරෙන්නේ නැහැ තමන්ට හැකි පමණින් චිත්‍ර කලාව කරගෙන යනවා. අවසානයේ මානසික ව්‍යාධිය නරක අතට හැරීම නිසා Vincent Van Gogh සියදිවි නසාගන්නවා.

Van Gogh ගේ මරණය තමන්ගේ ජනප්‍රියත්වයට හේතුවෙනවා. එකම රටාවකට යොමු වෙලා හිටපු මිනිස්සු Van Gogh ගෙ චිත්‍ර ගැන ඉහළින් විචාරය කරන්න ගන්නවා. අනෙක් අයට වඩා විවිධ මත දැරීම නිසා ගණන් නොගෙන සිටි ඔහු ව, අද්විතීය මනුස්සයෙක් ලෙස අවලාද නගපු අය විසින්ම ප්‍රකට කරනවා. අද වෙද්දි Van Gogh ව නොදන්න කෙනෙක් නෑ. එයාගෙ අමුතු චිත්‍ර ටික නිසා Vincent Van Gogh කියන නම මුළු ලෝකයටම දැන් හොඳට මතක තියනවා.

ඉතින් වෙනස් විදිහට හිතන්න බය වෙන්න එපා! ඔයා කැමති දේ කවුරු මොනව කිව්වත් හොයාගෙන යන්න…

-හේෂානි කරුණාරත්න

 

Social Sharing
අවකාශය නවතම