ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල

ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්.

“අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.

දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ. හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රථිව්‍යූහගතකරණය කරන්න. ඒ කළාමත් මේ බිලියන 36 ඉතිරි අවුරුදු 5-6 තුළ ගෙවන්න තියෙන්නේ 37% යි.

අවුරුදු 6-20 ත් අතරදී ගෙවන්න ඕන තව 51% ක් ණය වලින්, 20 නුත් පස්සේ ගෙවන්න ඉතුරු වෙනවා 12% ක්, දැන් අපි ඉන්නේ 2023 දී, 2048 වන තුරුත්, මේ හිර වෙලා තියෙන ණය තොගය ගෙවන්න තියෙනවා. අලුතින් ගත්ත ඒවා නෙමෙයි හිර‌ වෙලා තියෙන තොගය. ඒ නිසා කවුරු හරි රටේ ආණ්ඩු කරන්න හිතන දේශපාලන පක්ෂයක් තියෙනවා නම් රටේ ආණ්ඩු කරන්න මාසයක් හරි බලාපොරොත්තු තියෙන කෙනෙක් ඉන්නවා නම් 2048 වෙනකල්ම රටේ මිනිස්සුන්ට කියන්න ඕන මේ අරන් තියෙන, ගෙවන්න තියන ණය ටික අපි ගෙවන්නේ මෙන්න මෙහෙමයි කියලා.

එහෙම කියන්නේ නැත්නම්, එක්කෝ මෝඩකමට, එක්කෝ නොදැනුවත්කමට,ඒක්කෝ කුහකකමට, එහෙම නැත්නම් ඒක තමන්ගේ මහ පොලවේ යතාර්ථය පිළිබඳ තියෙන අවම අවබෝධය නිසා තමයි එසේ නොකියා ඉන්න‌ේ. මේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ නැතිව ආණ්ඩු ඉල්ලනවා නම්, දේශපාලනය කරනවා නම් ඒක නොකළයුතු කාරණයක් ” යැයි ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියා.

Social Sharing
ආර්ථික නවතම පුවත්