බම්බලපිටියේදී බස් රථයක් පෙරළෙයි!

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ජුබිලි බුලර්ස් හන්දිය අසලදී අද (අගෝ.14) අලුයම ලොරියක ගැටීමෙන් බස් රථයක් පෙරළී ගියේය.

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුන්මුල්ල හන්දියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියදුරු මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පින්තූර – Accident 1st

Social Sharing
නවතම පුවත්