අනුකම්පාව ද? අභිමානය ද?

“අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ”  ඊයේ පාගමනේ 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය.
වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට මාතලේට වනදුර්ග, ජලදුර්ග හරහා ගිය ගමන සිහිකරමින් සහ අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්ය පසුබිම නිර්මාණය කර දෙනලෙස ඉල්ලමින් මේ පාගමන ජූලි 29 වැනිදා තෙලයි මන්නාරමෙන් ආරම්භ කළා. ලබන 12 වැනිදා මාතලේට ළඟාවීම පාගමනේ අරමුණයි.
අද පාග⁣මනේ නව වැනි දිනයේ ගමනාන්තය වෙච්ච මිහින්තලය ඉතාම විශේෂයි. වසර 200කට කලින් පැමිණි ඒ ප්රජාව මිහින්තලව ආශ්රිතව රෝගාබාධවලට ගොදුරු වෙලා විශාල පිරිසක් මිය ගිය බවට මේ ප්රදේශයේ සමහරු කියනවා. ඒ මිය ගිය පිරිසෙන් විශාල පිරිසක් වළ දැමූ ස්ථානයේ අද මිහින්ත⁣ලේ පොලිසිය පිහිටා තියනවා කියලත් කතාවක් තියෙනවා.
අද මේ ප්රදේශයේ නතර වෙන පිරිස වගේම ප්රදේශවාසීනුත් ලොකු ප්රශ්නයකට මුහුණ දෙනවා. ඒ තමයි මේ දින කිහිපයේ මිහින්තලයට ජල කප්පාදුවක්.
මිහින්තලේට පාගමනින් ආපු පිරිස අදපිළිගන්න ආගමික නායකයක් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ලංකා ගුරු සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතාත් ඒ පිරිස අතර හිටියා. ඔහු ප්රකාශ කළේ වතු ආශ්රිත පාසල්වලට තියන කුඩම්මාගේ සැලකිලි නතර කරන්න ලංකා ගුරු සංගමය දිගටම සටන් කරනවා කියලා.
අද සවස ⁣මේ ප්රජාවගේ ගැටලු ගැන ප්රදේශවාසීන් සහ පාගමන පැමිණි පිරිස අතර සුහද සංවාදයකුත් පැවැත්වුණා. ඒ වගේම අදාල ප්රජාවගේ ඉතිහාසය සහ ප්රශ්න ගැන කියවෙන ප්රදර්ශනයකුත් මිහින්තලේ සංවිධානය කරලා තිබුණා.
හෙට අලුයම මේ පාගමන මිහින්තලෙන් ආරම්භ වෙලා තිරප්පනේ දක්වා ගමන් කරන්න නියමිතයි.
අවුරුදු 200කට කලින් මුල්ම පිරිස ගෙන ආවට පස්සේ ලක්ෂ ගණනක පිරිසක් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙනාවා. ඔවුන් දැන් අපේම පුරවැසියන්.
රටට වසර ගණනක් තිස්සේ ඩොලර් ගේන්න ලොකුම දායකත්වය දක්වපු පිරිසක් තමයි මේ ම⁣ලෛයහ ජනතාව. ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව නෙමේ. ඔවුන්ට හිමි අභිමානය සහ ඉඩම්, නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ඒ සඳහා අපි උපරිම සහාය පල කරමු. ඒ සඳහා ඔවුන් ගෙනයන අරගලයට උපරිම සහාය දක්වමු.
– තරිඳු ජයවර්ධන –
2023/08/06
Social Sharing
නවතම පුවත්