මස්කෙළියේ කොටි පැටවු…

මස්කෙලිය ප්රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.
බොහෝ තේ වතු ආශ්රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන් තමන්ගේ පැටවුන් ඔවුන්ට ආරක්ෂිත යැයි සිතෙන ස්ථාන වල (තේ වතු ආශ්රිතව පවා) සඟවා දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරයි.
එවැනි අවස්ථාවන් වලදී මෙලෙස කොටි පැටවුන් දුටුවිට බොහෝ දෙනා සිතන්නෙ අතරමං වී ඇති පැටුවුන් ලෙසය. එලෙස සිතා කොටි පැටවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරයි. එලෙස සිදුකිරීම නිසාවෙන් සිදු වන්නෙ මවු සතුන්ගෙන් පැටවුන් වෙන්වීමයි. ඇතැම්විට නැවත මවු සතුන් වෙත කොටි පැටවුන් ලබා දීමට කටයුතු කලද මිනිසුන් විසින් කොටි පැටවුන් ඇල්ලීම නිසා මවු සතුන් පැටවුන් ප්රතික්ෂේප කරනු ලබයි. මවු සතුන් මෙන් 100% පැටවුන් පෝෂණය කිරීමේ හැකියාවක් වනජීවී නිලධාරීන්ටද නොහැකි අතර නැවත පැටවුන් වනාන්තරයට හුරු කිරීම අසීරු කටයුක්තක් නිසාවෙන් නිරෝගී වනජීවී සම්පතක් අපට අහිමි වේ.
එම නිසාවෙන් මෙලෙස යම්කිසි ස්ථානයක පැටවුන් දුටුවහොත් ඔවුනට එම ස්ථානයයේම ආරක්ෂාව සලසා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම කල යුතු වේ. එමගින් වනජීවී නිලධාරීන්ට පැටුවන් පිලිබඳව අධ්යනයේ නිරතව පැටවුන් අතරමං වී ඇත්දැයි නිගමනය කොට අවශ්ය කටයුතු සිදුකල හැකි වේ.
කොටි වාර්තාව වන ප්රදේශ වල ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් වටිනා වනජීවී සම්පත් අපට අහිමිවීම සිදුවන අතර ඒ පිළිබඳව අදාල ආයතන හා නිලධාරීන් මැදිහත් වී ප්රජාව නිරන්තරයෙන්ම දැනුවත්කොට සංරක්ෂණය සඳහා අවශ්ය ක්රියාමාර්ග ගතයුතුව ඇත.
Social Sharing
අවකාශය නවතම විශේෂාංග