ශානි රවී මරණ්න ඕනී මිනිස්සුද? මේ ගැන වහාම සොයලා බලන්න..!!

-කේ. සංජීව-

ලංකා දවස කියන වෙබ් අඩවිය කරුණු වාර්තා කරලා තියෙනවා සීඅයිඩීයේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ට සහ සීඅයිඩීයේ හිටපු අධ්‍යක්ෂ ජේෂඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතන කුමන්ත්‍රණයක් ගැන. මට හිතෙන්නේ මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා පොලිස්පතිවරයා සීඅයිඩීයට නියෝග කරන්න ඕනී. රවී සෙනෙවිරත්න කියන්නේ පොලිස්පති වෙන්න ඕනී මිනිහෙක්. ඉල්ලංගකෝන් කියන කෘතහස්ත පොලිස්පතිවරයා ගියාට පස්සේ අද පොලීසියට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා. මෙහෙම වෙන්න හේතුවත් සෘජු තින්දු තීරණ අරගෙන නියම පොලිස්කාරයෙක් වගේ රස්සාව කරපු රවීලා වගේ නිළධාරීන්ට පොලිස්පති ධුරය අහිමිවීම…! ඒකට හේතුව තමයි පොලීසිය දේශපාලනීකරණය වී පැවතීම. උසස්වීම් සඳහා නිසි ක්‍රමවේදයක් නැතිවීම.

ශානි අබේසේකර කියන්නේ පොලීසියේ හිටපු හොඳම විමර්ශකයෙක්. මිනිහටත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයෙන් උඩට යන්න බැරිවුණේ නියම පොලිස්කාරයෙක් විදිහට දේශපාලකයෝ ඉස්සරහා නැමෙන්නේ නැතිව කටයුතු කරපු නිසා. මේ මිනිස්සු කරපු වැඩ නිසා තමයි තවමත් පොලීසිය කියලා බෝඩ් කෑල්ලක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. දැන් ඉතිං මේ දෙන්නටම සෘජුව ඉඳලා නියම පොලිස්කාරයෙක් විදිහට වැඩ කළාට රාජ්‍යය දෙන තෑග්ග මරණයද? අන්න ඒකයි මගේ ප්‍රශ්නය..! ඒනිසා මේ ගැන වහාම හොයලා බලන්න ඕනී.

පාස්කු ප්‍රහාරය අයිඑස් අයිඑස් ප්‍රහාරය කියලා අත හෝදගන්න තමයි ගොඩක් අයට ඕනී කරලා තියෙන්නේ. ඒත් මේ නිළධාරීන් දෙන්නා තමයි කියන්නේ නෑ ඒක එහෙම දෙයක් නෙවෙයි මේ ප්‍රහාරය තනිකරම දේශිය සැළැස්මක් අනුව සිද්ධවුණ එකක් කියලා. මේක ඇත්තටම බෝම්බයක්. මේ නිළධාරීන් මේ කතාව කියන්නේ කරුණු අනුව. විමර්ෂනවලදි හමුවුණ තොරතුරු සාක්ෂි අනුව. ඒකයි මේක බෝම්බයක් වෙන්නේ.

මේ කරුණු අනුව සහරාන් සහ කල්ලිය ගැන බුද්ධි අංශ කලින් ඉඳලා දැනගෙන ඉදලා තියෙනවා කියන දේත් අනාවරණය වෙනවා. ඒකයි මෙතන තිබෙන බරපතළ කතාව. මේවා ගැන හරි පරීක්ෂණයක් කරන්නේ නැතිව මේ ප්‍රහාරය අයිඑස්ලගේ ගිනුමට දාන්න මහංසි වෙන්නේ කවුද කියලත් හරි නම් හොයන්න ඕනී. ඒවා කරන්න ඉතිං හරි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. එහෙම නැතිවුණොත් වෙන්න පුලුවන් දේවල් තමයි මෙවැනි නිළධාරීන් මරාදැමීම. සත්‍ය මරාදැමීම තමයි ලංකාව වගේ රටවල් වල සිද්ධවෙන්නේ. ඒනිසා තමයි පුරවැසියනුත් මේ ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි කියලා අපි කියන්නේ..!

Social Sharing
නවතම විශේෂාංග