ජනපති සහ TNA අතර තීරණාත්මක හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක හමුවක් අද (08)ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව අයිතිය වෙත වාර්තා වෙයි.

මෙම හමුවේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම, බලය බෙදා හැරීම, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, තවමත් නිදහස් නොකළ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සහභාගී වනු ඇති බවත් වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්