අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක….!!

මේ ඉන්නෙ Clint Eastwood, 1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා. දැං පොරට අවුරුදු 92ක්, හැබැයි ඉන්න හැටි පේනවනෙ…
පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක් තමයි මේ…

1. අවුරුදු 16 ඉඳං මේ වෙනකං weight training කරගන යනවා, ඊට අමතරව හැම වෙලාවෙම පොඩි පොඩි වැඩපළ කරන active life එකක ඉන්නෙ (NEAT – Non Exercise Activity Thermogenesis – ව්‍යායාම නොවන වැඩවලින් වැයවන ශක්තිය)

2. සීනි දාපු කෑම බීම පුළුවන් උපරිමේටම අඩුයි (Insulin spikes අවම හෝ නැතිම තරං)

3. Alcohol පාවිච්චිය සතියට පාරක් විතරයි (පාලනයක් ඇතුව බීල stress release කරගන්න එකෙං මහත් වෙන්න බලපාන cortisol කියන stress හෝමෝන වැඩිවීම අවමයි)

4. තෙල් සහිත කෑම අවමයි, රතු මස්, dairy ඉඳහිට විතරයි. මාළු ජාති, chicken තමයි, අළුත් එළවළු, පළතුරු වැඩියෙන්, complex carbs සුළු ප්‍රමාණයක් (සමබර ආහාර වේලකින් එන පූර්ණ පෝෂණය තමයි වැදගත්ම)

5. Antioxidants, vitamins (යකඩ මලකඩ කනව වගේ අපේ ඇඟත් වයසත් එක්ක මලකඩ කනව, ඒකට කියන්නෙ oxidation කියලා. ඒකෙන් තමයි නාකි වෙන්නෙ, ලෙඩ වෙන්නෙ, ඒකට විරුද්ධව ක්‍රියා කරන ජාති වලට කියන්නෙ antioxidants) vitamin C, vitamin E, green tea, කහ, blueberries, දං, නමිනං වගේ කහට තියන පළතුරුවල එහෙම antioxidants හොඳට තියනවා.

6. Stress එක අවම වෙන විදිහට වැඩ ප්ලෑන් කරන එක සහ ඕනෙ මරාලයකදි සුබවාදීව හිතල සතුටින් ජීවත් වෙන එක

7. පැය 8ක විතර සැප නින්දක්. (ඇහැරුනාට පස්සෙත් නිදිමත ගතියයි නං sleeping quality එක අවුල්, ඒක හදාගන්න වෙනවා)

8. ජීවිතේ පුරාම sex සීන් එක හොඳම මට්ටමක තියාගන යනවා (මේකත් ලේසියි වගේ පෙනුනට ලේසිම නෑ. හරියට hormones වැඩිවෙන විදිහට high heart එකකට යන විදිහට feelings එක්ක කම්මැලි නැතුව බැහැලම වැඩේ කරන්න ඕනෙ. යුතුකමට වැඩේ කරල අනික් පැත්ත හැරිල නිදාගත්තම ප්‍රතිපල අඩුයි)

මේ තියන ඒව අපිට හිතාගන්නවත් බැරි හෙනට වියදං යන මැජික් වැඩ නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් කරගන යන්න තරං discipline එකක් ඕනෙ. ඒ සංයමය තමයි මෙතන තියන මැජික් එක…!!

උපුටා ගැනීම – Fitness with Varuna ෆේස්බුක් පිටුව

 

Social Sharing
අවකාශය නවතම