කළු මුහුද ආශ්‍රිත සංස්කෘතික හැඩතල

එරන්ද මහගමගේ

කළු මුහුද කියන්නෙ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වන ප්‍රදේශයක් වගේම දේශපාලනිකවත් සංස්කෘතිකවත් කළු මුහුද ඉතා වැදගත් වෙනවා. කළු මුහුද රටවල් කිහිපයකින් මායිම් වෙනවා – බල්ගේරියාව, රුමේනියාව – මෙන්ම ජෝර්ජියාව, මෝල්ඩෝවා, රුසියාව, තුර්කිය සහ යුක්රේනය තමයි ඒ රටවල්. ඓතිහාසිකව මෙන්ම දෙවන ලෝක යුද්ධයේත් මතක තැන්පත් කරගෙන ඉන්න කළු මුහුද දැන් රුසියානු සහ යුක්‍රේන යුද්ධය දිහා බලාගෙන ඉන්නෙ.

කළු මුහුද තුර්කි බසින් හඳුන්වන්නේ (Karadeniz) කියලා. Kara – කියන්නෙ කළු Deniz- මුහුද, මේ විදිහට ගත්තම කළු මුහුද. ලෝකයේ නන් දෙසින් පැමිණෙන නැව් කළු මුහුදට සේන්දු වෙන්නෙ තුර්කියේ බොස්පරස් සමුද්‍ර සන්ධිය ඔස්සේ. මේ සමුද්‍ර සන්ධිය යුරෝපය සහ ආසියාව වෙන් කරමින් රුසියාව දෙසට සම්බන්ධ වෙනවා. මෙහෙම වෙන් වන මහද්වීප දෙක එක් කරන්න තුර්කි ජාතිකයන් විශාල පාලම් තුනක් (Fatih Sultan Mehmet Bridge, Yavuz Sultan Selim Bridge, 15 July Martyrs Bridge) ඉදිකර තිබෙනවා. මේ පාලම් තුනෙන් කළු මුහුදට ඉතාම ආසන්න වන්නේ Yavuz Sultan Selim Bridge කියන පාලම.. කළු මුහුද දිගේ ඇවිදගිය සංචාරයේ සටහන් ආරම්භ වන්නේ මේ තුන් වන පාලමේ සිටයි.

මම ත්‍රැබ්සෝන් (Trabzon) දක්වා සති ගණනක් ගමන් කළ අතර එහි සංස්කෘතිකව වැදගත් වන සටහන් විවේකයක් ලද අතරතුර මෙසේ බෙදාගන්න සිතුවා. කියවන්න තිබ්බ පොත් ටිකත් කැමරා උපකරණ ටිකත් බෑග් එකක දාගෙන මෙහෙම දුර ගමන් යනව කියන්නෙ ඉතින් Life! තුර්කියේ කළු මුහුදේ කලාපය එහි ස්වභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධයි..

මෙම කලාපය තුළ ගවේෂණය කළ යුතු ඓතිහාසික ස්ථාන රාශියක් තියනවා. නැඟෙනහිර කළු මුහුදේ තුර්කි ජාතිකයන් නිර්භීත සටන්කරුවන් බවට ඇනටෝලියානු ඉතිහාසය සාක්ෂි සපයනවා. තුර්කියේ කළු මුහුදේ වෙරළ තීරය ස්වභාවධර්මයට ආදරය කරන්නන් සඳහා සැබෑ පාරාදීසයක්. එහි කඳු, ඇල්පයින් තණබිම් සහ ඝන වනාන්තරවලින් වට වූ සන්සුන් විල්, එහි සැඟවුණු ඓතිහාසික දර්ශන ගැන සඳහන් නොකර බැහැ.

රුසියාව ලඟින් පිහිටල තියන මේ පෙදෙසේ ඇතැම් රුසියානු ආභාෂයන් දකින්නත් ලැබෙනවා. ඒවායේ ඇවිද යන විට අපේ හිතාදර සුනිල් විජේසිරිවර්ධන මතක් වෙන එක වළක්වන්න බැහැ.

ඊසාන දිග තුර්කියේ අගනුවර කළු මුහුද ලඟින්ම පිහිටල තියන Trabzon පළාත කියල කියන්න පුලුවන්. ඓතිහාසික සේද මාවතේ පිහිටා ඇති Trabzon, සියවස් ගණනාවක් පුරා ආගම්, භාෂා සහ සංස්කෘතියේ ද්‍රාවණයක් බවට පත් වූ නගරයක්. ගිනිකොන දෙසින් පර්සියාවට සහ ඊසාන දෙසින් කොකේසස් වෙත වෙළඳ දොරටුවක් තමයි මේ නගරය. Venetian සහ Genoese වෙළෙන්දෝ මධ්‍යතන යුගයේ දී Trabzon වෙත ගොස් සේද, ලිනන් සහ ලොම් රෙදි අලෙවි කළා.

ජනරජ දෙකටම නගරය තුළ වෙළඳ ජනපද තිබුණා – Leonkastron සහ පැරණි “Venetian බලකොටුව” – Galata කොන්ස්ටන්ටිනෝපල් (නූතන ඉස්තාන්බුල්) වෙත ඉටු කළ කාර්යභාරයට සමාන කාර්යභාරයක් Trabzon වෙත ඉටු කළා. ට්‍රැබ්සන් එහි දිගු ඉතිහාසය තුළ ප්‍රාන්ත කිහිපයක පදනම වුනා. 1204 සහ 1461 අතර ට්‍රෙබිසොන්ඩ් අධිරාජ්‍යයේ අගනුවර වුණා. මුල් නූතන යුගයේදී, ට්‍රැබ්සෝන්, එහි වරායේ වැදගත්කම නිසා නැවතත් වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.

නගරය ග්‍රීක යටත් විජිතයක් ලෙස ආරම්භ කිරීමට පෙර ප්‍රදේශය කොල්චියන් (බටහිර ජෝර්ජියානු) සහ කල්ඩියන් Chaldian (ඇනටෝලියානු) ගෝත්‍ර විසින් ආධිපත්‍යය දැරුවා. ක්‍රි.පූ. 14 වැනි සියවසේ මධ්‍යම-ඇනටෝලියානු හිටිටිවරුන් Hittites සමඟ ගැටුම් ඇතිකරගත් හයාසා Hayasa, ට්‍රැබ්සොන්ට දකුණින් වූ ප්‍රදේශයේ ජීවත් වූ බවට විශ්වාස කෙරනවා. පසුකාලීන ග්‍රීක කතුවරුන් මැක්‍රෝනස් සහ චාලිබ්ස් ස්වදේශික ජනයා ලෙස සඳහන්. නැඟෙනහිර දෙසින් පිහිටි ප්‍රමුඛ කොකේසියානු කණ්ඩායම්වලින් එකක් වූයේ කොල්චිස්ගේ Colchis රාජාණ්ඩුවේ කොටසක් වූ ලාස් සහ අනෙකුත් සම්බන්ධිත ජෝර්ජියානු ජනයා.

මේ ඉතිහාසය ඈත අතීතයට අපව අරන් යනවා. ග්‍රීක ශිෂ්ටාචාර වල ඉදල දෙවන ලෝක යුද්ධයත් ඒ වගේම තුර්කිය ජනරජයක් වුවාටත් පසු පවතින සංස්කෘතික අනන්‍යතා වලින් මේ නගර පිරිල තියෙන්නෙ. ට්‍රැබ්සෝන් වලිනුත් ටිකක් ඈතට වෙන්නට කඳුකරයේ පිහිටි මගේ තුර්කි ජාතික මිතුරියකගේ නිවසක් වෙත තමයි අපි ගියේ. මේ පළාතේ තුර්කි බස අනෙක් පළාත් වලට සපේක්ෂව තරමක් වෙනස්. එසේම ඔවුනගේ සංගීතය විශිෂ්ටයි. මේ පළාතේ සංගීත භාණ්ඩ අතරින් තුලුම් Tulum මගේ සිත් ගත්තා.

ඉස්තාන්බුල් වල අප ට්‍රැබ්සෝන් බස් රථය එනතුරු රැඳි සිටි වෙලාවේ අපට තුලුම් #tulum වාදන ශිල්පියෙක් හමු වුණා. Bahrettin Bıçakçı ඔහු තුර්කියේ තරමක් ප්‍රසිද්ධ අයෙක්. අපි Trabzon වලට යන බව දැනගත් ඔහු හොඳ හුස්මස් අරන් ඔහ්! මුහුදු හුළඟ karadeniz කිව්වා පමණක් නෙවෙයි එතැනම සිය තුලුම වාදනය කර රැස්ව සිටි පිරිස සමඟ නැටුවා. ඉස්තාන්බුල් ඉදල ට්‍රැබ්සොන් වලට සුඛෝපභෝගී බස් රථ තිබෙනවා. ඒවායේ ගියත් පැය 17ක ගමනක් අත් විදින්න වෙනවා. තුර්කියේ ගමනාගමනය ඉතා හොඳින් පවත්වාගෙන යන බවත් කිව යුතුමයි. පිරිසිදුකමත් අනෙකාට ගෞරව සත්කාර කිරීමත් ඔවුන් ඉහලින්ම පිළිගන්නා දෙයක්. #artvin කියන්නෙ තුර්කියේ මේ තුලුම් සංගීතයට ප්‍රසිද්ධම නගරය. එහෙ මේවා හදන ශිල්පීන් බොහෝමයක් ජීවත් වෙනවා. මේවා ශතවර්ෂ ගණන් පරණ නගර. මේ තුලුම් හදන්නේ බැටළු හමෙන්. විශේෂයෙන් පැටවුන්ගේ.

Karadeniz මිනිසුන් පිහි, අවි ආයුධ තැනීමේ දක්ෂයෝ. ඔවුන් ඉතා ශක්තිමත් පිරිසක් බව ඔවුනගේ නර්තනයේ ජවයෙන් වුවත් බලාගන්න පුලුවන්. විශේෂයෙන්ම karadeniz වල ස්ත්‍රීන් ශක්තිමත් අයයි. මගේ මිතුරියගේ මව අර මහා කන්දේ තනියම ජීවත් වෙනවා. සතුන්ගේ ගොවිපොළ නිසා ඇය කොහොමත් නගරයට යන්නට කැමති නැහැ. ඇගේ ඉනේ හැම වෙලේම පිස්තෝලයක් තියාගෙන ඉන්නෙ. ඉලක්කයට වෙඩි තබන්නටත් තේ එකක් බොන ගමන් එහා කන්දට වෙඩි දෙකක් තබා සිනා සෙන්නටත් ඇය අමතක කළේ නැහැ. තේ පානයට ඉතා ලොල් වූ මේ ජනතාව තවමත් ලංකාවේ තේ කොළ වලට ආදරය කරනවා. විශාල කඳු මුදුන්, තැනිතලා, හිම මේ ස්ත්‍රීන්ට එතරම් බැරෑරුම් දේවල් නොවේ. තනිකම දැනුනම සමහරු දුම් උරන්නටත් සිංදු කියන්නටත් පුරුදුව සිටී.

කළු මුහුදේ ජන නැටුම් තවමත් බොහෝ සාක්ෂි ඇත. “#horon” යනු නගරයට සහ ඒ අවට ප්‍රදේශයට ආවේණික වූ ප්‍රසිද්ධ නර්තනයකි. එය පිරිමි, ගැහැණු, තරුණ සහ වැඩිහිටි යන භේදයකින් තොරව සිදු කරනු ලැබේ; උත්සව, දේශීය මංගල උත්සව සහ අස්වනු නෙලන කාලවලදී විශේෂයෙන් මෙම නර්තනය සෑම තැනම දැකගන්න පුලුවන්. විචිත්‍රත්වය අනුව රුසියානු කොසැක් නැටුම්වලට සමාන වුවත්, ට්‍රැබ්සන් ජන නැටුම බොහෝ විට නැඟෙනහිර කළු මුහුදේ ප්‍රදේශයට ආවේණික වූවක් විය හැකියි. එයට ආකර්ෂණීය ජන සංගීතයක් තියෙනවා. නටන්න බැරිකම මේ පළාතේ ලැජ්ජාවට කාරණයක්.

Trabzon හි අන්තර්ජාතික සිනමා උළෙලක් Trabzon International Film Festival පවත්වන ඔවුන්ගේ ජීවිත වලට සිනමාව ද වඩාත් සමීපයි. එසේම බොහෝ දෙනා සිනමාව සේම ටෙලි නාට්‍යට ද ඇලුම් කරනවා. මේ පළාතේ නිපදවූ මා වඩාත් ආශා කරන සිනමාපට දෙකක් මතකයට එනවා. ඉන් එකක් 2010 වසරේ බර්ලින් සිනමා උළෙලේ Golden Bear සම්මානය දිනපු Semih Kaplanoğlu ගේ Honey චිත්‍රපටය. අනෙක Fatih Akın ගේ The Edge of Heaven නම් චිත්‍රපටයයි. එය 2007 කාන් උළෙලේ හොඳම තිර රචනයට හිමිකම් කිව්වා. සම්මාන කෙසේ වුණත් ඒවා මනරම් සිනමා නිර්මාණ බව කිව යුතුමයි.

Trabzon ගේ ප්‍රාදේශීය ආහාර සාම්ප්‍රදායිකව මාළු මත රඳා පවතී, විශේෂයෙන් hamsi (British Sprat හෝ American Smelt වැනි නැවුම් යුරෝපීය ඇන්කොවි). කලාපීය කෑම වර්ග අතර Akçaabat köfte ( Akçaabat දිස්ත්‍රික්කයේ සැර බැටළු මස්), Karadeniz pidesi (කැනෝ හැඩැති පාන්, බොහෝ විට හරක් මස්, චීස් සහ බිත්තර වලින් පුරවා ඇත), kuymak (ඉරිඟු පිටි, නැවුම් බටර් සහ චීස් වලින් සාදන ලද තුර්කි ෆොන්ඩියු), Vakfıkebir ekmeği (විශාල පාන්), Tonya tereyağı (Tonya බටර්), tava mısır ekmeği ( ඉරිඟු පාන්) සහ kara lahana çorbası (බෝංචි සහ ගෝවා සුප්). Taflan kavurması ලූනු සහ ඔලිව් තෙල් සමඟ පිරිනමන චෙරි ලෝරල් ආහාරයකි. Trabzon එහි hazelnuts සඳහා ද ප්‍රසිද්ධයි. තුර්කියේ මේ කලාපය ලොව විශාලතම චෙරි සහ හෙසල්නට් Hazelnuts නිෂ්පාදකයා. හේසල්නට් හැම වත්තකම වගේ ඔවුන් වගා කරනවා. ඒ වගේම තුර්කි තේ නිෂ්පාදනය කරන්නෙත් මේ කලාපයේ මිනිසුන් විසිනි. නුවර එළියේ වගේ විශාල තේ වතු මෙහි දකින්න පුලුවන්.

Hagia Sophia (Ayasofya Müzesi), සිත් ඇදගන්නා සුළු බයිසැන්තියානු පල්ලිය, නගරයේ වඩාත්ම වැදගත් සංචාරක ආකර්ෂණය විය හැකියි. Trabzon Castle ට්‍රැබ්සන් කාසල් නටබුන් නගරයේ දැකිය හැකි නමුත් ඒවා හමුදා කලාපයකට වැටෙන බැවින් ඒවා නැරඹිය නොහැක. බලකොටුවේ පිටත බිත්තිය දැන් හමුදා ගොඩනැගිල්ලක පිටුපස බිත්තිය ලෙස සකස් වී ඇත. “Atatürk Köşkü” යනු 1890 දී දේශීය ග්‍රීක වෙළෙන්දෙකු විසින් ඉදිකරන ලද විලා එකකි. 1924 දී Mustafa Kemal Atatürk ට්‍රැබ්සන් වෙත ඔහුගේ සංචාරය අතරතුර විලා හි රැඳී සිට ඇත. ඔහු 1937 දී එහි නැවතී සිටියේය. එහි කාමර ඇති අතර තුර්කි ජනරජයේ නිර්මාතෘ සහ පළමු ජනාධිපතිවරයාගේ මතකයේ ස්මාරකයක් ලෙස දැන් පවත්වාගෙන යනවා.

Kaçkar Mountains කළු මුහුදේ වෙරළට ඉහළින් නැඟී සිටින Kaçkar කඳු නාටකාකාර සහ ආශ්වාදජනක දසුනක් මෙන්ම බරපතල කඳු නැගීම සහ කඳවුරු බැඳීම සඳහා හොඳම ගමනාන්තයක්. Uzungöl, කඳුකර භූ දර්ශනය මැද පිහිටි වැවක් ඉවුරේ පිහිටුවා ඇති ගම්මානයක් වන උසුන්ගොල් ස්වභාව සෞන්දර්යයේ වින්දනය සඳහා ඉතා ජනප්‍රිය ස්ථානයක්. කඳු හරහා විශාල කඳු නැගීමේ මාර්ග රාශියක් ඇත. Karadeniz හි වඩාත් ජනප්‍රිය ඇල්පයින් තණබිම් වලින් එකක් වන Ayder Yaylası ගැඹුරු හරිත නිම්නය දෙස බලන ලී ඇල්පයින් පැල්පත් සඳහා ප්‍රසිද්ධයි. ඔබ පයින්ම එම ප්‍රදේශය ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය අනිවාර්යයෙන්ම නවාතැන් ගැනීමට කදිම ස්ථානයක්. Fırtına Deresi නිම්නය හරහා ගලා බසින සක්‍රීය ගංගාව වන ෆර්ටිනා ඩෙරෙසි ඔටෝමාන් යුගයේ පාලම් 20 සඳහා ද ප්‍රසිද්ධ‍යි, එය එහි ජලීය මාර්ගය දිගේ සොයාගත හැකියි. වසර පුරාම ඔරු පැදීම සඳහා ද මේ ගංගාව ඉතා ජනප්‍රියයි.

Sumela Monastery-Altındere මිටියාවතට මුහුණලා මීටර් 1,200 (අඩි 3,900) පමණ උන්නතාංශයක කඳු බෑවුමක පිහිටා ඇත. මේ චිත්‍ර ස්ථානය පුරාවිද්‍යාව සහ චිත්‍ර ශිල්ප්ය හදාරන මිත්‍රයන්ට නම් අමතක වෙන්න විදිහක් නෑ. එය විශාල ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් ඇති ස්ථානයක් වෙනවා. Altındere ජාතික වනෝද්‍යානය තුළ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ද වේ. මෙම ආරාමය Trabzon හි වැදගත්ම ඓතිහාසික සහ සංචාරක ස්ථානවලින් එකක්. ආරාමය ආරම්භ කරන ලද්දේ කවදාදැයි නොදනී, නමුත් තුර්කියේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 386 දී පමණ, I අධිරාජ්‍යයාගේ තියෝඩෝසියස් (375-395) පාලන සමයේදී දිනය සඳහන් කරයි. විලියම් මිලර්ට අනුව, බානබස් සහ සොෆ්‍රෝනියෝස් නම් ඇතීනියානු පූජකයන් දෙදෙනෙකු විසින් ආරාමය ආරම්භ කරලා තියෙනවා. එය ප්‍රසිද්ධියට පත් වූයේ Apostle Luke විසින් පින්තාරු කළ බව කියන Panagia Gorgoepekoos ලෙස හඳුන්වන තියෝටෝකෝස්ගේ නිරූපකය සඳහා යි. (මෙම ආරාමයේ චිත්‍ර සහ ගෘහනිර්මාණ ශිල්පය ගැන වෙනම ලිවීමට බලාපොරොත්තු වෙමි).

Trabzon කලාපයේ ජන ගී (turkü) සුවිශේෂයි. ජන ගී තුළින් මෙම ප්‍රදේශයේ මිනිසුන්ගේ ස්වභාවය, ගතිගුණ සහ ජීවන රටාව සොයා ගැනීමටත් කලාපයේ සමාජ හා භූගෝලීය ව්‍යුහය පිළිබඳ සංක්ෂිප්ත තොරතුරු ලබා ගැනීමටත් හැකි වෙනවා. ආදරය, වෙන්වීම, සොබාවික සුන්දරත්වය සහ සමාජ සිදුවීම් මත ඇති ගීත, වේගවත් හා මන්දගාමී “uzun hava ” යන දෙවර්ගයටම අයත් වෙනවා. මේවාට අමතරව තවත් පොදු ගීතයක් වන්නේ “atışma” (duello වචනයකි). Trabzon එහි සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ඒවා සියල්ලම දේශීයව ලබා ගත හැකි ස්වභාවික ද්‍රව්‍ය වලින් සාදා තිබෙනවා. Trabzon ඔටෝමාන් අධිරාජ්‍යයේ ප්‍රධාන තඹ කැණීම් මධ්‍යස්ථානයක් වූ අතර මීට අමතරව, යකඩවලින් සාදන ලද කෘෂිකාර්මික හා ගෘහාශ්‍රිත මෙවලම්, රිදී නූල් විවීමෙන් සාදන ලද බ්රේස්ලට් (හසීර් බිලෙසික්) සහ රිදීවලින් සාදන ලද “ටෙල්කාරි” යනුවෙන් හැඳින්වෙන විවිධ අලංකාර භාණ්ඩ ඉතා ජනප්‍රියයි. Mustafa Hoşoğlu නම් තුර්කි කවියා Yol Olur Karadeniz (කළු මුහුද මඟ වේ) නමින් කළු මුහුද ගැන කවියක් ලියනවා. මා එයින් කොටසක් මෙසේ පරිවර්තනය කරමි.

සියල්ල අත ලඟ නම්, මරණයට යන්නේ කවුද?
ඔහුට දුක්බර පුවතක් ඇසුන හොත්, එය මිය ගිය කළු මුහුද වනු ඇත!
දෛවය-වාසනාව වුණත්, දෙයක් දැනගන්න මඟක් විවර කරනවා. නොදන්නා හෙට නොනැවතී ගමන්කරනවා, සෑම පුද්ගලයෙකුම ඉක්මනින් හෝ පසුව ඔහුගේ ස්ථානය ගනී,
කළු මුහුද,
පළමුව මනුෂ්‍යයා යැයි පවසන අයගේ සේවකයෙකු බවට පත්වේ !

 

 

Social Sharing
අවකාශය නවතම