ඩයනා අත්අඩංගුවට ගන්නවාද?

ආගමන විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව නියෝගයක් නිකුත් කිරීම එලබෙන අප්‍රේල් 24 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමතිනීයගේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ පසුගිය 06 දා කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිලිකාර ඕෂල හේරත් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තියට අනුව ඩයනා ගමගේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව නියෝගයක් නිකුත් කරන්න කියා ය.

එහිදී එම නීතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ ඇතිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය ලබාදී ඇති ප්‍රකාශයෙන් ඔප්පුවෙන බවය. ඒ අනුව ඇය කිසිඳු විටෙක ලාංකේය පුරවැසිභාවය නොගත් බව ඇය විසින්ම පිළිගෙන ඇතැයි ද, එය එසේනම් ඇය විදේශ ගමන් බලපත්‍ර 03ක් ලබාගත්තේ කෙසේදැයි යන ගැටලුව ඇතිවෙන බව ය.

මෙහිදී ඩයනා ගමගේ වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව බ්‍රිතාන්‍ය ගුවන්ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණ ඇති බවට ඔප්පුවී නැති බවය.

Social Sharing
නවතම පුවත්