ජනාධිපති ලේකම් කාර්‍යාලය වටලනවා – මුජබීර් රහුමාන්

SJB MP Mujibur Rahman 2019 Sri Lanka Easter bombings

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගන්නා ක්‍රියාමාර්ග ව්‍යර්ථ කිරීම සඳහා සතරාතින් ජනයා කොළඹට කැඳවන බවත් ඒ අනුව එළබෙන සඳුදා දිනයේදී රට වටෙන්ම ජනතාව කොළඹට ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම මෙම විරෝධතාවයට එක්වන බවත් මීට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සිවිල් නායකයන් එකතුවෙනු ඇති බවත් ප්‍රකාශ කරන ඒ මහතා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ පරාජය නියත බව දන්නා නිසා බවත් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රශ්නය හොඳින් හෝ නරකින් විසදා ගැනීමට සූදානම් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්