පාසල් දරුවන්ට මත් පෙති වික්ක දොස්තර අත්අඩංගුවට..!

පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන බදුල්ල මහ රෝහලේ 44 හැවිරිදි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත් අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු ළඟ මත්පෙති 150කට ආසන්න ප්‍රමානයක් තිබී ඇතැයි වාර්තා වෙයි.

පස්සර කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් බදුල්ල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අතර බදුල්ල පොලීසිය මෙම වෛද්‍යවරයා සම්බන්ධව විමර්ෂනයක් අරඹා ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.

Social Sharing
නවතම පුවත්