ගහෙන් වැටුණ එකාට කරන්ටෙකත් වදී..!

මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල අමාත්‍යවරයා අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තිබූ හබය නිමාකරමින් 66%කින් විදුලි බිල වැඩි කර ඇත.

ඒ අනුව එම කොමිසමට අලුතින් පත්වූ සාමාජිකයන් තිදෙනා 66%කින් විදුලි බිල වැඩි කිරීමට සිය එකඟතාවය ලබාදීමත් සමග බහුතරයේ කැමැත්තෙන් විදුලි බිල වැඩි කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට එම කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ තම විරෝධය මැද සෙසු සාමාජිකයන් තුන්දෙනා මේ සඳහා අනුමැතිය දී ඇති බවය. කොමිෂන් සභාව ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36%කින් වුවත් සෙසු සාමාජිකයන් තිදෙනා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66%කින් මිල ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය පළ කරන ලද බවත් ඒ අනුව මෙම ගාස්තු නැංවීමත් සමග ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩිවීම 250%ක් දක්වා ඉහළ යන බව ද හෙතෙම පැවසීය.

මෙම ගාස්තු වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක බව දැනගන්නට ඇත.

Social Sharing
නවතම පුවත්