“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්

දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන
ප්‍රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ. ඒ හිඩැස අපි සිවිල් සමාජය විදිහට පුරවන්න කාලය දැන් එළඹ තිබෙනවා. ජනතාවගේ මතය අපි ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරන්න ඕනි. එය තමයි සිවිල් සමාජය විදියට විදිහට අපගේ කාර්යභාරය.

සිවිල් සමාජය කියන්නේ මානුෂ සංවර්ධනය ට ඉතාමත් අවශ්‍ය දෙයක්. ඒ වගේ ම දියුණු රටවල් වලත් ඒ ඒ රටවල් වල දියුණුවට සිවිල් සමාජය විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා.නමුත් අපේ රටේ vsso පනත වැනි දේවල් ගෙනල්ලා මිනිසුන් ගේ හඬ ආපස්සට තල්ලු කරන්න හදනවා. සිවිල් සංවිධානය කියන්නේ පුරවැසියා ගේ හඬ. ඉතින් සිවිල් සංවිධාන අඩපණ කරනවා කියන්නේ පුරවැසියා අඩපණ කරනවා හා සමානයි.

යුද්දෙ ඉවර වෙලා අලූත් ව්‍යවස්ථාවක් යටතේ රටේ පාලනය ගැන සාකච්ඡා කරන්න යන විට උනේ සිවිල් සමාජය කියන්නේ විදේශ කුමන්ත්‍රණකාරී ආයතන යන වෙන් මඩ ගසපු එක. සමහර අවස්ථා වල බුද්ධි සේවා අංශ පවා අපිව කැඳෙව්වා. ඒ ඒ රජයන් සිවිල් සමාජය නම්ව ගන්න බැරි වෙද්දි කළේ සිවිල් සමාජය මර්දනය කරන්න පනත් ගෙන එන එක.

මොකද සිවිල් සමාජය සෑම විටම මහ ජනතාවගේ හඬ නියෝජනය කළා. පාර්ලිමේන්තුව ඇතුලෙදි වත්
මහ ජනතාවගේ හඬ නියෝජනය නොවන කාලයක සිවිල් සමාජය කළේ මහජනතාව වෙනුවෙන් පෙනී පෙනි සිටපු එක. එය බොහෝ දුරට රජයන් දැක්කේ රාජ්‍ය කුමන්ත්‍රණකාරී ක්‍රියා හැටියට.

මේ වෙද්දී රටේ සියලුම ජනතාවට 225ම එපා වෙලා තියෙනවා. මෙතෙක් දුරට තිබුන පියාගෙන් පුතාට, අයියගෙන් මල්ලිට යන දේශපාලන සංකල්පයට මිනිස්සු වෛර කරනවා. මේක ඉතාම හොඳ අවස්ථාවක් සිවිල් සංවිධාන හැටියට ජනතාව වෙනුවෙන් රටේ ආර්ථික දේශපාලන නව්‍යකරණ ඇති කරන්න. ඉතින් සිවිල් සමාජ වලට වගේ ම දේශපාලන පක්ෂය වලටත් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් සන්දර්භයක් මේ වෙද්දි හැදිලා තියෙනවා. ඉතින් මේ සියලු අර්බුද ගොඩ ගන්න හැමෝම එකතු වෙලා කටයුතු කරන්න ඕනි කියලා මම හිතනවා.

සිවිල් සමාජය සහ රජය ක්‍රියාත්මක කිරීමට යන මර්ධනකාරී ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡාවකදීසමාජ ක්‍රියාකාරී නඩේෂන් සුරේෂ්
මෙම අදහස් දක්වන ලඳි.

Social Sharing
නවතම