මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ.
එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය.

එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇති බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙම තත්ත්වයට සෘජුව බලපා ඇත්තේ යුක්‍රේන – රුසියා යුද්ධය සහ කොවිඩ් ව්‍යාප්තිය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණයට අනුව චීනය, මෙම වසරේ වැඩිම ආර්ථික බලපෑමකට ලක්වී ඇති බවද සඳහන් ය.

 

(news1st)

Social Sharing
නවතම