‘හැත්ත පස් වෙන නිදහස’ ගැන කතා කළා යැයි පුද්ගලයෙක් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධව ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් මහරගමදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලිස් පරිඝණක අපරාධ කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි.

40 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් ෆේස්බුක් හි මහජන කැළඹීමක් ඇතිවන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පරිඝණක අපරාධ කොට්ඨාසය සිදුකළ මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විවිධාකාරයෙන් අදහස් සකස් කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර ඇති බවයි.

මේ අනුව ඔහුගේ මුහුණු පොතේ ගිණුම පරික්ෂාකර සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

-news19-

Social Sharing
නවතම පුවත්