IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති

Ranil Wickremesinghe We can no longer use the old economic model

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවන් වලට අනුව ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත හැකි බවය. ඉන් අනතුරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතවලින්ද ණය මුදල් හිමිවනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බවත් මෙම සියලු පියවර ගෙන ඇත්තේ රට තුළ ආර්ථික ස්ථාවරයක් ගොඩනැඟීම වෙනුවෙන් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා ස්ථාවර ආර්ථිකයක් තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගනිමින් ලෝකය සමග තරඟ කළ හැකි දියුණු ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවීම වැදගත් බව අවධාරණය කළේය.

Social Sharing
ආර්ථික නවතම