නව කොරෝනාවෙන් තවමත් බලපෑමක් නෑ

චීනය ඇතුළු විදේශ රටවල් කිහිපයක ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ඔමික්‍රෝන් උප ප්‍රභේදයෙන් (BF.7) ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ද මෙම වෛරස ප්‍රභේදය සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි.

‘අපි ප්‍රජාව අතර මෙම වෛරස් උප ප්‍රභේදයේ වැඩිවීම සහ ව්‍යාප්තිය සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ලබා දී ඇති උපදෙස් අධ්‍යයනය කරමින් අවධානයෙන් ඉන්නවා’ ඔහු එසේ ප්‍රකාශ කරනවා.

මෙම නව කොරෝනා වෛරස උප ප්‍රභේදය වෙනත් රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා උනත් මෙම නව උප ප්‍රභේදයට අදාළ දැනුම සීමිත බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ. දැනට රැස්කරගෙන තිබෙන තොරතුරුවලට අනුව මෙම උප ප්‍රභේදය විශාල වශයෙන් පැතිර යා හැකි බව අනාවරණය වී ඇති බවත් මෙම වෛරස ප්‍රබේදය කුමන ස්රූපයේ සංකූලතාවන් ඇති කරන්නේද යන්නට තවමත් කිසිඳු සාක්ෂියක් රැස් කර නොමැති බවත් ප්‍රකාශ වෙයි.

කෙසේ වුණත් වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ ජනතාව වශයෙන් මෙම රෝග ව්‍යාප්තිය පිළිබඳව අවධානමෙන් පසුවීම හොඳ බවයි.

මූලාශ්‍ර : ඩේලිමිරර්

Social Sharing
නවතම පුවත්