චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ.
2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට සති 5 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් ක්‍රියාත්මක වූ අතර එය පසුව දින 5 ක් දක්වා අඩු කරනු ලැබිණ.
කෙසේ වෙතත් මේ වනවිට චීනය තුළ යළිත් කොවිඩ් ආසාදිතයින් ඉහළ යන පසුබිමක කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳ සංඛාලේඛන ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.