පස් වසක් ඉක්ම ගිය තැන | ඉන්දික !!!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි

ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර . ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය. පසුකාලීනව තක්ෂිලාව පෙනෙන මායිමේ තානායම් පොළට වී බිඳුණු ප්‍රේමයක් වෙනුවෙන් හැඬූඅයුරු කා හටත් මතක ඇතැයි සිතමි. නුහුරු නුපුරුදු රහස එලෙස මධුවිතෙන් පොඟවා මිරිකා හළේයැයි කරුණාසේන ජයලත්ටකවුරුන් හෝ බැණ වැදුණාදැයි නොදනිමි. අමතක කළ යුතු නැත. සුගත් අදටත් ජීවමානය

උසස් පෙළ කාලයේ අප පාසලේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා  වූයේ ශාන් පරාක්‍රම නම් අයියා කෙනෙකි. ඔහු වැඩිකතා බහක් නැති කෙනෙක් බවත් කිසිවක් බැරෑරුම් ලෙස නොගන්නා කෙනෙක් බවත් තවමත් මතකය. අවසානයේ දී ශාන් පරාක්‍රමඋසස් පෙළ විභාගයට මාස ගණනක් තිබියදී හදිසි අනතුරකින් මිය ගියේ මරදාන දුම්රියපොළෙහි ධාවනය වන දුම්රියකින්, වෙනත්නවතා තිබූ දුම්රියකට මාරු වන්නට යාමේදීය. ඔහු අප පාසලේ දුම්රිය හා බස් රථ සංගමයේ ශිෂ්‍ය නියෝජිතයා බව දුම්රියදැන නොසිටින්නට ඇත. දැන සිටියේ නම් ඉනික්බිති කුමකින් කුමක් වන්නේද යන්න වුව අනුමාන කළ නොහැකිය. කුඩා කාලයේඅපගේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා මරදානේ දී දුම්රියකට හසුව මිය ගිය බව හොඳින්ම දැන සිටින අප අදටත්මරදාන දුම්රියපොළ මග නොහැර දුම්රියේ ගමන් කරමු

ඛයියාම් වරෙක මෙසේ ලීවේය.

පුරවනු දිවි කුසලානය නැවත

කාලය පා යට ගලනුය නොනැවත

මළගිය ඊයේ, නූපන් හෙට දින

ගැන නොතැවී දිවි විඳිනුය අද දින

ඔමාර් ඛයියාම්ට බොහෝ කාලයකට පසු කාංචනා අමිලානි කරුණාමුනි නම් කිවිඳියක සයිබරයේ තම මුහුණුපොත මත මෙසේලීවා . , බොහෝ හදවත් තුළ මහා හිස්තැනක් ඉතිරි කර සැණින් අතුරුදන් වී ගිය ඉන්දික ගුණවර්ධන නම් සහෘද කවියෙකුගේවියෝව නිමිත්තෙනි

පියාපත් බර වැඩිව

පියාසැරිය නතර කළ

මෘදු පියාපත් හිමි පක්ෂිය;

කියව;

අහස නොතරම්ද

පියාසැරියම ගිනියම්ද

යනු මිසක ඉනු කියා කිසිවකු

නතර නොකළෙහිද

දැවීමක ගිනි පුලිඟුවක 

දිලිසි දිලිසී මතකය පවතීය

ඒත් අළුය; නියතිය

යළි පියාසර නොකිරීමය

එපමණය

සුබ ගමන් ඉන්දික

මතක සැමරුම් රෑනක පොදු සාධකයක් සිටි ඉන්දික සියලුම රැහැන් අතැර හුදෙකලා ගමන් මගෙක නොපෙනී ගියේය. අදටත්මීදුම අතර සැඟවී ගත් රූපයක් මෙන් ඔහු වරින් වර මතකයේ ඇඳෙමින් සිත පාරවන්නේ

සුගත් වීරසේකර වරෙක මෙසේ පැවසුවේය.

අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න ? ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ ? ඇයි අපි එතැනදීමුණගැහුණේ ?’

බොහෝ දෙනෙකු පෙළෙන්නේ ඛයියාම් විසින් උත්කර්ෂයට නැගූ මධු බඳුන හිස් කිරීමේ පවසින් පමණක් නොව, එදා සුගත් විසින්අසන ලද පැණයට අදටත් පිළිතුරක් නොමැති වීමේ වේදනාවෙන් බව වටහා ගන්නා තුරු ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය. නමුත් මම හෙටත් සුගත් වීරසේකරට පෙම් කරමි.

සුබ ගමන් ඉන්දික !

සහන් කසීර වික්‍රමසිංහ

Social Sharing
අවකාශය නවතම