– මහේෂ් හපුගොඩ –
ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව – industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි.
ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි, ඉන්දියන් ටුක් ටුක් ටිකෙයි, ඉන්දියන්බයිසිකල් ටිකෙයි පුප තියාගෙන ගිහිල්ල, ඒවා නිසාම ජීවත් වෙන්න එදා වේල හොයාගෙන විස දුම එනකොට විතරක් ඉන්දියාවටපුප්පන්න එපා.
බඩු හොඳ වුණාට ඒරොප්පේ වාහනයි ජපානේ වාහනයි අපිට ගන්න බැහැනේ. බදු එකතු වුණාම ගන්නම බැහැනේ. ඒ නිසානේඉන්දියන් කාරයෝ අපේ පොකට් එකට හරියන්න ඔය ලදරන් ටිකක් හරි හදල එවන්නේ. අපි ඉස්කෝලේ ගියේ ඒ ලදරන් උඩ.
නිකම් හිතපල්ලා මේ දුප්පත් රට දුවන්නේ ඉන්දියන් වාහන උඩ නෙවෙයිද කියල. ඇමෙරිකාව, එංගලන්තෙ, ජපානේ ගැන ලොකුකතා කිව්වට රට දුවන්නේ – රටේ තියන මොකක් හරි ආර්ථිකයක් දුවන්නේ ඉන්දියන් වාහන උඩ නෙවෙයිද?
රටේ පොදු මඟී ප්‍රවාහනයෙන් සියයට අනුවක් දුවන්නේ ලේලන්ඩ් ටාටා උඩ. රටේ බඩු මුට්ටු ප්‍රවාහනයෙන් සියයට අසුවක් ලේලන්ඩ්ටාටා උඩ. පොඩි ටැක්සි ගත්තොත් ටුක් ටුක්, නැනෝ කාර් ඉන්දියන්. මහේන්ද්‍රන් පොඩි ලොරි ඔක්කොම ඉන්දියන්, ඩිමෝ බට්ටෝඉන්දියන්, දැන් සෆාරි යන්නේ ඉන්දියන් බෝලෙරෝ උඩ, මාධ්‍ය පංතියේ මිළ අඩු කාර් ඔක්කොම වගේ එසෙම්බල් කරන්නේඉන්දියාවේ. ප්‍රයිම් මූවර් ගොඩක් ඉන්දියන්. තෙල් බවුසර් ගොඩක් ලේලන්ඩ්. ජපන් නම් තිබ්බට පාරේ දුවන මෝටර් බයිසිකල්බොහොමයක් ඉන්දියන්. සෑහෙන දුම්රිය කට්ටල ප්‍රමාණයක් ඉන්දියන්. මේ ලැයිස්තුව තව දිග ඇති.
කොටින්ම කිව්වොත් අපි ඉන්නේ ඉන්දියාව උඩ. විස දුම තිබ්බට අපි අපේ ප්‍රශ්න වලට විසඳුම හොයන්නෙත් ඒ ‘විස දුම‘ අස්සෙමතමයි.
බලන්නේ ඉන්දියන් චිත්‍රපට. අහන්නේ ඉන්දියන් සිංදු. අපි සිංදු කියන්නෙත් ඉන්දියාවට.
මෙහෙමයි. නූතන කාර්මික බව ගැන සිහින දකිනවා නම් ඔය නූතන විෂ ගන්නත් වෙනවා. පොළොවේ කොච්චර කාබනිකගොවිතැන් කළත් අහසින් ඇත්ත යථාව අප වෙත එනවා.
ලෙඩ ගෝලීය වෙනකොට විසඳුමත් ගෝලීය වෙනවා. ගෝලීය බේත් හොයනකොට අතුරු අබාධත් ගෝලීය වෙනවා. නිකම් හිතන්නචර්නොබිල්, බෝපාල්, ෆුකුෂිමා වගේ විපත්තියක් උණා කියල. ඒත් අපි ඒවායින් පැනල දුවල රාවණා හොයල වැඩක් නැහැ. ඒවඅපේ මිනිස් ශිෂ්ටාචාරයේ තේරීම් (choices).
සිගරට් බොනකොට නිකොටින් නිකම්ම එනවා. නිකොටින් නැති සිගරට් බීල වැඩක් නැහැ.
නූතන බව වැළඳ ගත්තොත් නූතන බවේ විෂත් වැළඳ ගන්නම වෙනවා. ඒ නිසා කාබනික ඇපල් කන්නේ නැහැ මම කන්නේසාමාන්ය ඇපල් කියල ජිජැක් රැඩිකල් විදියට කියනවා. පරිබෝජනය තෝරාගත්තොත් අතුරු ආබාධත් තෝරාගන්න වෙනවා.
මෙයින් කියවෙන්නේ නැහැ නූතනත්වය මේ ප්‍රශ්න සඳහා විකල්ප උත්තර හොයන්නේ නැහැ කියල. මම කියන්නේ බයේ දුවන්න එපාකියල. මේක තමයි තේරීම. මේක තමයි වරණය. කොකා කෝලා වරණය (ජිජැක් ගේ ප්‍රියතම බීම).
මේක තමයි ජීවිතේ. ඒ නිසා මේක නෙවෙයි ජීවිතේ වගේ දෘෂ්ටිවාද කියල වැඩක්. ජීවිතේ අන් තැනක නැහැ. ඒක තියෙන්නේ මේවිෂ දුම අස්සෙම තමයි….
හැබැයි වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් සටන් කරමු.
Image@ චර්නොබිල් විනාශය සිහිපත් කරන ඒ ආසන්න ගොඩනැගිල්ලක ඇති කුරුටු චිත්‍රයක් (Reuters).