ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ඔක්තෝබර් 1 වැනිදා සිට 2.5 %ක් වන සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එක්කරන බවයි.
නමුත් මෑතකදී විදුලි බිල ඉහළ දැමු බැවින් අදාළ බදු වැඩිවීම පාරිභෝගිකයාගෙන් ලබා නොගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් සාමාන්‍ය ක්‍රමවේදයට අනුව වක්‍ර බද්දක් පැනවූ විට එය අවසාන පාරිභෝගිකයාගෙන් අය කරයි.
එසේම මෙම බද්ද ජල බිලට බලපාන්නේ නැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත.