සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ.

ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති අතර, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතුඅධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ.

එසේම පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේත් විධායක නිලධාරියකු ලෙස වසර 20 කට ආසන්න කාලයකඅත්දැකීම් ඇති ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේඋපදේශකවරයකුලෙස කටයුතු කර තිබේ.

සංජීව විමලගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරන ලෙස සිවිල්සමාජ ක්‍රියාකාරීන් ගණනාවක්ම රජයෙන් ඉල්ලීම් සිදුකර තිබිණ.

උපුටා ගැනීම – www.theleader.lk

Social Sharing
නවතම