විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරෙන බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයක එය බල නොපානු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රජයේ ආයතනවල ඉංජිනේරුවරුන් පවසන්නේ, තම සේවාවට අදාළ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 කට සීමා කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

එසේ වුවහොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල බිඳවැටීමක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි.

Social Sharing
නවතම