ගංවතුරින් බැටකන පකිස්ථානය

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්

පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එරට භූමියෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇති අතර නිවාස 95,000 ක් පමණ සම්පූර්ණයෙන්විනාශ වී ඇත. එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවන බවත් මේ වන විට සමස්ත මරණ ප්‍රමාණය1136 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානය මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර මෙම ව්‍යසනකාරී තත්වය හේතුවෙන් අර්බුදයතවදුරටත් උත්සන්න වී ඇත. හේතුවෙන් පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර්රාජ්‍ය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල්වලින් අරමුදල් ඉල්ලා තිබෙන බව නිවේදනය කර ඇත.

තවද ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඇති අතර මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 IMF සහනයක් අනුමත වී ඇත.

Social Sharing
නවතම විදෙස්