ජනාධිපති රනිල් පොහොට්ටුවේ සිරකරුවෙක්

වත්මන් පාලනය 2025 වනතුරු, පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට (SLPP) තම පැවැත්ම සඳහා දුන් ප්‍රතිඥාව මත ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිරකරුවෙකු වී ඇති බව ශ්‍රීලනිපමහලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

විධායකය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගනුදෙනුවෙන් රටේ මිලියන 22 ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හෝආර්ථික, දේශපාලන හා සමාජ ස්ථාවරත්වය යළි ඇති කිරීම කෙසේවෙතත් එය වඩාත් නරක අතට හැරෙනු ඇත.

එබැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ ADB වැනි ගෝලීය මූල්‍ය ආයතන සහ චීනය, ඉන්දියාව, යුරෝපාසංගමය හෝ එක්සත් ජනපදය වැනි පරිත්‍යාගශීලී රටවලින් ශ්‍රී ලංකාවට යම් සහනයක් සහ ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයෙන් මුදාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිළිබඳ සැකයක් පවතින බව හෙතෙම සඳහන් කරයි.

යෝජිත බහුපක්ෂ හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවේ සංයුතිය සහ මාර්ග සිතියම පිළිබඳව කිසිම පැහැදිලිකමක් නෑ. අපි ජනාධිපතිවික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවලදී  ආණ්ඩුව පිහිටුවීමට අදාළ කරුණු 9 සහ 11 ඇතුළත් ලේඛන දෙකක් ඉදිරිපත් කළා. ඒත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන කිසිදු පාලනයකට සහාය දීමටශ්‍රීලනිපය සූදානම් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පණ දීමට රනිල්ට ජනවරමක් නැහැ. ශ්‍රී ලංකාව තුළ ගෝලීය ප්‍රජාව, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් අතර විශ්වාසය යළි ගොඩනැංවීම සඳහා අරගලකරුවන්  සහ සමස්තජාතියම ඉල්ලා සිටින පරිදි ශ්‍රී ලංකාවට ඉක්මනින් නව රජයක් හරහා ක්‍රම වෙනසක් අවශ්‍ය වෙනවාජයසේකර අවධාරණය කරයි.

Social Sharing
නවතම