ගාසා තීරය ගැන කතා කරන්න හදිසි රැස්වීමක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කළේ, සතුරුකම් නැවත ආරම්භ කිරීම විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදෙන බවයි.

ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් හා ඊශ්‍රායලය අතර ආරම්භ වී ඇති කෙටි සටන්විරාමය බිඳ වැටීමේ අවදානමක් ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

එම සටන් විරාමය ආරම්භ වූයේ ඊශ්‍රායල හමුදා සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් අතර දින 3 ක් පුරා පැවති දරුණු ගැටම්වලින් පසුවයි.

ගැටුම් හේතුවෙන්, පුද්ගලයින් 43 දෙනෙකු පමණ මියගොස් තිබේ.

ඊජිප්තුවේ මැදිහත්වීම මත දෙපාර්ශවය අතර මෙම සටන් විරාමය ආරම්භ වී ඇත.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර 2021 මැයි මාසයේ දින 11 ත් තුළ පැවති යුද්ධය ඉතිහාසයේ ඇති වූ දරුණුම ගැටුම්කාරී වාතවරණය ලෙස සැලකේ.

Social Sharing
නවතම විදෙස්