කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කම ලංකාවට

18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය.

ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ අයන් සයිමන්ඩ්ස්ට එරෙහිව ලකුණු 10-0 ක ජයක් වාර්තා කරමිනි. මෙය ශ්‍රී ලංකාවට හිමිවූ‍ සිවුවැනි පදක්කම මෙන්ම තෙවැනි ලෝකඩ පදක්කමය.

Social Sharing
අවකාශය නවතම